ඒ ඓතිහාසික වරම ලැබූ සතුට මැදින්…

106

1981 ජුලි මස 22 වෙනිදා මෙරට ක්‍රිකට් ඉතිහාසයේ ස්වර්ණමය යුගය ඇරඹුම උදාකරමින් ලංකාවට අන්තර්ජාතික ක්‍රිකට් සමුළුවේ පූර්ණ සාමාජිකත්වය හිමි කරමින් ‘ටෙස්ට්’ වරම් ලැබිණ. එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ අන්තර් ජාතික ක්‍රිකට් සමුළු මූලස්ථානයේදී ඒ සඳහා පැවැති සැසිවාරයට සහභාගි වූයේ එවක ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති ගාමිණී දිසානායක ලේකම් නිහාල් සේනාරත්න හා ආතර් පින්ටෝ යන මහත්වරුය. එහිලා දිසානායක මහතා විශාල මෙහෙවරක් රට වෙනුවෙන් ඉටු කළේය. මෙහි දැක්වෙන්නේ ටෙස්ට් වරම් ලබාදී දිවයිනට පැමිණි ගාමිණී දිසානාක මහතා අපේ ක්‍රිකට් ක්‍රීඩකයන් විසින් කටුනායකදී පිළිගත් මොහොතයි. ඉකුත්දා මියගිය ක්‍රිකට් දිරිගැන්වූ පර්සි අබේසේකරයන්ද සිංහ ධජය අතැතිව මෙහි සිටී.

සචිත්‍ර ඇල්වලගේ

advertistmentadvertistment
advertistmentadvertistment