මේ වසරේ පළමු මාස හතරේ විදේශ විනිමය ප්‍රේෂණ ඩොලර් බිලියන 1.8ත් පනී

183

මේ වසරේ මුල් මාස හතරේදී විදේශගත ශ්‍රමිකයන් මෙරටට එවූ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1.8 ඉක්මවා ඇතැයි කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා පැවසීය.

මේ වසරේ පළමු මාස හතර තුළදී විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් මිලියන 1867.2 ක් මෙරටට එවා ඇති අතර අප්‍රේල් මාසයේ පමණක් ඩොලර් මිලියන 454 ක් එවා තිබේ. එය පසුගිය වසරේ අප්‍රේල් මාසය සමග සන්සන්දනය කර බලන විට සියයට 82.4 ක ඉහළ යෑමක් බවද ඇමැතිවරයා කියා සිටියේය.

මේ වසරේ ජනවාරි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් ඩොලර් මිලියන 427.5 ක මුදලක් එවා තිබෙන අතර එය සියයට 68.8 ක වර්ධනයකි. පෙබරවාරි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් එවූ ඩොලර් මිලියන 407.4 පසුගිය වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව සියයට 98.6 ක වර්ධනයකි.

පසුගිය මාර්තු මාසයේදී විදේශගත ශ්‍රමිකයන් ඩොලර් මිලියන 568.3 ක මුදලක් එවා තිබූ අතර එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 78.5 ක වර්ධනයක් බවද ඇමැති මනූෂ නානායක්කාර මහතා සඳහන් කළේය.
ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment