ජීවිතය වරද්ද ගන්න කලින් ඔබත් ස්වර බලන්න

268

ජාත්‍යන්තර කීර්තියට පත් සිනමා නිළියක් සහ නිෂ්පාදිකාවක් වන නීටා ප්‍රනාන්දු ප්‍රධාන චරිතයක් නිරූපණය කරනු ලබන ‘ස්වර’ (සප්තකය) සිනමා නිර්මාණය ලෝක ඒඩ්ස් දිනයට සමගාමීව එළැඹෙන දෙසැම්බර් 01 වැනිදා සිට මෙරට සිනමාහල්වල තිරගත කිරීමට නියමිතය.

ජීවිතය වරද්ද ගන්න කලින් ඔබත් ස්වර බලන්න

සංජය නිර්මාල් විසින් අධ්‍යක්ෂණය කර ඇති මෙය 2012 වසරේ තිරගත කළ ද වසර 11 ක විරාමයකට පසු නැවත තිරගත කිරීමට තීරණය කර ඇත. මෙම චිත්‍රපටය ජාත්‍යන්තර චිත්‍රපට උළෙලවල ඉහළ පිළිගැනීමක් ලබාගත් නමුත් විවිධ පසුබෑම් හේතුවෙන් දේශීය ප්‍රදර්ශනයට නිසියාකාරව එක් නොවීය. එහෙත් මෙම දෙසැම්බර් මස 01 වැනිදාට තිරගත කිරීමට නියමිතය.

මේ සඳහා රංගනයෙන් සචිනි අයේන්ද්‍රා, අනූෂා රාජපක්ෂ, දමිතා අබේරත්න, ඩබ්. ජයසිරි, දිලුනි මල්ලවාරච්චි, ධනූ සින්නතම්බි රංගනයෙන් එක් වන අතර ප්‍රධාන චරිතය නිරූපණය කරනු ලබන්නේ නීටා ප්‍රනාන්දුය.

ජීවිතය වරද්ද ගන්න කලින් ඔබත් ස්වර බලන්න

ස්වර මනුෂ්‍යත්වය පිළිබඳ ප්‍රබල පණිවිඩයක් ගෙන යන අතර එමඟින් බලාපොරොත්තුව සහ මුහුණ දීමේ හැකියාව පිළිබඳ තේමාවන් ඉස්මතු කරයි. චිත්‍රපටයේ තේමාව ජාත්‍යන්තර කීර්තියට පත් වෘත්තීය සංගීත නිර්මාපකයෙකු වන නර්මදාගේ චරිතයට ගෙතී ඇත. ඇයගේ රුධිර පරීක්ෂණයකින් ඇය එච්. එයි. වී. ආසාදිත බව දැනගැනීමෙන් පසු ඇයගේ ජීවිතය වෙනස් මුහුණුවරක් ගනී. නර්මදාගේ ජීවිත කතාව සෑම අතකින්ම ඉතා සාර්ථක ජීවිත කථාවක් වූ නමුත් මෙයි පසු ඉක්මනින්ම ඇගේ ලෝකය බිඳ වැටෙන්නට පටන්ගනී. ඇයගේ එච්. අයි. වී. තත්ත්වය පිළිබඳ ප්‍රසිද්ධියේ හෙළි කිරීමට ඇය ගත් තීරණය නිසා ඇයව නිවසින් පිටමං කිරීමට සහ ඇගේ වෘත්තිය අවසන් කිරීමට පමණක් නොව ඇයගේ දියණියගේ සහ මුණුබුරාගේ ජීවිතයට ද බලපෑම් ඇති කරයි. ඇය තමාගේ ප්‍රජාවට වඩා වෙනස් පසුබිමක පුද්ගලයන් සොයා ගන්නා නමුත් ඇයගේ එච්. අයි. වී. තත්ත්වය දැනගැනීමෙන් පසු පෙර පරිදිම දුෂ්කතාවයන්ට පත්වේ. නර්මදා එච්. අයි. වී. නිසා වෙනස් කොට සැලකීමට සහ අපකීර්තියට පත්වන නමුත් එච්. අයි. වී. ආසාදිතයන් වෙනුවෙන් සටන් කීරීමට පටන්ගනී. ඉන්පසු නර්මදාගේ භූමිකාව කුමක්ද යන්න දැනගැනීමට 01 වැනිදා සිට සිනමාහල්වල තිරගත වන ‘ස්වර’ සිනමා නිර්මාණය නැරඹිය යුතුම වේ. මෙහි පිටපත යොලන්ඩා වීරසිංහ ගෙනි. ස්වර නැවත එළිදැක්වීම සඳහා නිෂ්පාදනය කර ඇත්තේ ජාත්‍යන්තර කීර්තියට පත් සිනමා නිළි නීටා ප්‍රනාන්දු, මනෝහරන් නානායක්කාර, ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන සහ ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය, නෙදර්ලන්ත තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා ටෙලිකොම්, ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව සහ තවත් බොහෝ හවුල්කාර සංවිධානවල සහයෝගයෙනි.

advertistmentadvertistment
advertistmentadvertistment