අයහපත් කාලගුණය නිසා යාපනයේ ඉන්දියා නැව් සේවාව නවතී

96

අයහපත් කාලගුණික තත්ත්වයක් වර්ධනය වීම නිසා ඉන්දියාවේ නාගපට්ටන සිට යාපනයේ කන්කසන්තුරේ දක්වා යාත්‍රා කෙරෙන “චෙරියපානී” නැව් සේවාව 23 දා සිට නතර කිරීමට ඉන්දීය බලධාරීන් 9 දා තීරණය කොට තිබේ.

දෙරට අතර සිදු වන මෙම යාත්‍රා සේවාවේ පර්යේෂණ චාරිකාව 8 දා සිදු වූ අතර අතිසුඛෝපභෝගී වායු සමනය කළ යාත්‍රාවක් ඉන්දියාවේ නාගපට්ටන සිට කන්කසන්තුරේ වරාය දක්වා සේන්දු විය.

ඉන්දියාව හා යාපනය අතර සිදු කෙරෙන මෙම යාත්‍රා සේවය “චෙරියපානී” ලෙස නම් කොට තිබේ. මගීන් 170 කට එකවර ගමන් කළ හැකි මෙම යාත්‍රාවේ ගාස්තුව වශයෙන් ගමන් දෙකටම රුපියල් 53500 ක මුදල අය කෙරෙන අතර තනි ගමනක් සඳහා ගාස්තුව රුපියල් 27000 කි.

යාත්‍රාවේ ගමන් කරන එක් මගියෙකුට කිලෝ ගෑම් 40 ක බරක් රැගෙන යෑමට අවසරය හිමි වෙයි.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment