සුජිට් බලාගාරය ලංවිම යටතට

65

ජපන් සමාගමක් මගින් මීට වසර විසි දෙකකට පෙරාතුව කැලණිතිස්ස බලාගාර පරිශ්‍රයේ ඉදිකළ සුජිට් විදුලි බලාගාරය (මෙගාවොට් 165) ලංකා විදුලිබල මණ්ඩලය යටතට පවරා ගෙන තිබේ.

එලෙස පවරාගෙන ඇත්තේ අදාළ ගිවිසුම් කාලය නිමවී වසර දෙකකට පමණ පසුවය. මෙම ගිවිසුම 2021 අප්‍රේල් මස අවසන් වී තිබිණි. අදාළ ජපන් සමාගම මගින් 2000 වසරේ දී මෙම ද්විත්ව චක්‍රීය බලාගාරය ඉදිකර පවත්වාගෙන ගොස් යළි පවරා දීමේ (BOT) ක්‍රමයට ඉදිකරන ලද එකකි.

ද්විත්ව චක්‍රීය බලාගාරයක් ලෙස ඉදිකළ මෙම බලාගාරය ඩීසල් මගින් විදුලිය නිෂ්පාදනය කරන එකකි. මෙගා වොට් 165 ක් ජනනය කළ හැකි මෙම බලාගාරයෙන් මේ වන විට විදුලිය ජනනය නොකරන අතර ඊට තාක්‍ෂණික හේතු කිහිපයක් බලපා ඇතැයි විදුලි ඉංජිනේරුවෝ පවසති.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment