ගොළු හදවත විශේෂ දර්ශනයක් හෙට

107

කරුණාසේන ජයලත් ශූරීන් ලියූ ගොළු හදවත නවකථාව ඇසුරින් නිර්මාණය වුණු ගොළු හදවත තිරගත වූයේ 1969 අප්‍රේල් 24 වැනිදාය. වික්‍රම් බෝගොඩ, අනුලා කරුණාතිලක එහි රඟපෑ රූපරාමු දෙකකි මේ.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 104 වැනි ජන්ම දිනය නිමිත්තෙනි.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 104 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ඔහු අධ්‍යක්‍ෂණය කළ “ගොළු හදවත” චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් හෙට (08 වැනිදා) කොළඹ තරංගනී සිනමා ශාලාවේදී සවස 6.00 ට පැවැත්වීමට නියමිතය. මෙම අවස්ථාව සඳහා ගොළු හදවත සිනමා නිර්මාණයට රංගනයෙන් දායකවුණු අනුලා කරුණාතිලක, ශ්‍රියානි අමරසේන වගේම විජේරත්න වරකාගොඩද සහභාගිවීමට නියමිතය. මීට අමතර කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයනය අංශයේ ප්‍රධානී මහාචාර්ය පැට්‍රික් රත්නායක මහතාද සහභාගිවීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment