සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග පිරිනමයි

70

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් තුළින් දිවයිනේ එක් එක් දිස්ත්‍රික්කවලින් බිහිවූ සුපිරි ජයමලු ඇතුළුව, රුපියල් මිලියනයේ ජයමළු දිනූ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් 38 (තිස්අට) දෙනකු සඳහා චෙක්පත් ප්‍රදානය කොළඹ 02, ආචාර්ය කොල්විල්වින් ආර් ද සිල්වා මාවතේ පිහිටි සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ පරිශ්‍රයේදී පසුගියදා (06) සිදුවිය.

එහිදී විශාලතම ත්‍යාග මුදල වන කප්රුක 1145 වැනි වාරයේ සුපිරි ජයමල්ල වන රුපියල් මිලියන 10ක (කෝටියක) ත්‍යාගය හිමිකරගත් දෙමෝදර, ගවරවෙල එස්. ත්‍යාගරාජ් මහතා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි අනුර ජයරත්න මහතා අතින් සිය චෙක්පත ලබාගත් අයුරු.

චානක දොඩංගොඩගේ (නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි – අලෙවි), විජිතා සෝමරත්න (නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි – මූල්‍ය) හා ආචාර්ය අසංක ගුණසිංහ (සහකාර සාමාන්‍යාධිකාරිනි – අලෙවි) යන මහත්ම මහත්මීහු ද වෙති.

මෙම ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් 38 දෙනකු අතර රුපියල් 6,06,07,014 ක (රුපියල් හයකෝටි හයලක්‍ෂ හත්දහස් දාහතරක) මුදල් ත්‍යාග ලෙස ප්‍රදානය කරනු ලැබීය.

සටහන හා ඡායාරූපය – ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment