NSB නව සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන විධායක නිලධාරී ශෂී කණ්ඩම්බි වැඩ භාරගනී

112

මෙරට බැංකු ක්ෂේත්‍රයේ ප්‍රවීණ වෘත්තීයවේදිනියක වන ශෂී කණ්ඩම්බි මහත්මිය ඉකුත් 10 දා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ 19 වැනි සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස වැඩ භාර ගත්තාය.

කණ්ඩම්බි මහත්මිය සම්පත් බැංකුවේ ජාත්‍යන්තර බැංකු කටයුතු අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරිය වන අතර ආයතන කළමනාකරණය ඇතුළුව වසර 35කට වැඩි බැංකුකරණ අත්දැක්මීම් සමුදායකට හිමිකම් කියයි.

එම අවස්ථාවට වැඩමවා වදාළ බම්බලපිටිය සිරි වජිරාරාමාධිපති අමරපුර ශ්‍රී ධම්මරක්ෂිත නිකායේ අනුනායක අති පූජනීය තිරිකුණාමලයේ ආනන්ද මහා නාහිමිපාණන් වහන්සේ විසින් ආගමික අනුශාසනය සිදුකරන ලදි. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා රැස්ව සිටි පිරිස ඇමතීය. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය, ආයතනික සහ විධායක කළමනාකාරිත්වය සහ වෘත්තීය සමිති නියෝජිතයෝද මෙම අවස්ථාවට සහභාගී වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment