පාස්කු ප‍්‍රහාරය ගැන අහන විට ආණ්ඩුව උපායශීලීව මඟ අරිනවා; අගෝස්තු 21 දා කළු කොඩි දාන්න…. කාදිනල්තුමා කියයි

235

පාස්කු ප‍්‍රහාරය පිළිබඳව ප‍්‍රශ්න කරන වාරයක් පාසා එය කෙසේ හෝ යට ගසා, ජනතාවගේ අවධානය වෙනතකට යොමුකරන උපායශීලී වැඩපිළිවෙළක ආණ්ඩුව නියැළී සිටින බව ප‍්‍රකාශ කරන්නට සිදුවීම ඛේදවාචකයක් යැයි අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පවසති.

 වත්මන් රජය බලයට පැමිණියේ පාස්කු ප‍්‍රහාරයෙන් අපමණ දේශපාලන වාසි ගනිමින් බවත් එහෙත් මේ වනවිට එම ප‍්‍රහාරයේ වගඋත්තරකරුවන් සෙවීම වත්මන් ආණ්ඩුව හිතාමතාම මඟහරමින් සිටින බවත් කාදිනල්තුමා ඊයේ (13 දා) කොළඹ පිහිටි අගරදගුරු නිවසේ පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

 මෙම ප‍්‍රහාරය සම්බන්ධයෙන් සම්පූර්ණ සත්‍යය රටට හෙළිකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් පසුගිය ජුලි 13 වැනි දින යොමු කළ ද ඊට ජනාධිපති කාර්යාලයේ නීතිඥවරයකුගේ අත්සනින් යුතු ලාමක පිළිතුරක් ලද බව ද කාදිනල්තුමා කීවේය.

 කෙසේ වෙතත් ආණ්ඩුවේ මෙම දුර්වල වැඩපිළිවෙළ හමුවේ මේ මොහොතේ උද්ඝෝෂණ කොට ජීවිත අනතුරේ දැමීමට සූදානම් නොවුණ ද මෙම මස 21 දා (සෙනසුරාදා) නිවෙස්වල කළු කොඩි ඔසවන බව ද කාදිනල්තුමා වැඩිදුරටත් පැවසූහ.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment