ලක්ෂ දෙකහමාරකට තට්ටු කරන්න ගිය හිමිනම ප‍්‍රා. ලේකම් කාර්යාලයේ යකා නටලා…. සමායෝජක හිමියන්ට පුටුවලින් පහරදීලා

552

HTML clipboard

විහාරාධිපති හිමිට හොරා විහාරාධිපති ලෙස කූඨලේඛන සාදාගෙන රජයෙන් දෙන ලක්ෂ දෙක හමාරක පමණ මුදලක් වංචා සහගතව ලබා ගැනීමට ප‍්‍රදේශයේ භික්ෂුවක් ඉදිරිපත් වී එය ප‍්‍රතික්ෂේප කළ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමායෝජක හිමියන්හට මරණ තර්ජන එල්ල කර පුටුවලින් පහර දී අසභ්‍ය වචනයෙන් බැනවැදී ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ යකා නැටීමේ පුවතක් හම්බන්තොට දිස්ති‍්‍රක්කයට අයත් පොලිසියකින් වාර්තා වේ.

සිද්ධිය මෙසේය. හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ ප‍්‍රධාන නගරයක් ආශි‍්‍රතව පිහිටා ඇති පෞරාණික මහා විහාරස්ථානයක සංවර්ධන කටයුතු කිරීම ස`දහා රුපියල් ලක්ෂ දෙකහමාරක පමණ මුදලක් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ අනුමත වී ඇත. එ් බව දැනගත් එම විහාරස්ථානයේ තාවකාලිකව ලැගුම්ගෙන සිටින භික්ෂුවක් විහාරාධිපති සහ එම විහාරධිකාරි යන හිමිවරුන්ට හොරා විහාරාධිපති ලෙස රබර් සීල් සහ ලිපි ශීර්ෂ යොදාගෙන එම මුදල ලබාගැනීම ස`දහා ඉකුත් දින අදාළ ප‍්‍රදේශයේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ස්ථාපිත කර ඇති බෞද්ධ කටයුතු අංශයේ ප‍්‍රධාන සමායෝජක හිමියන්හට එම ලිපි ඉදිරිපත් කොට ඇත.

ප‍්‍රදේශයේ සියලූම වෙහෙර විහාරස්ථානවල සත්‍ය තොරතුරු එම හිමියන් සතුව ඇති බැවින් ඉදිරිපත් කරන ලද ලිපි ලේඛන ව්‍යාජ එ්වා බවට පවසා එයට අත්සන් තබා නොමැත. අත්සන් නොකිරීම හේතුවෙන් ඉහත භික්ෂුව කාර්යාලයේ නිලධාරින් ඉදිරිපිට අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් පුටුවලින් පහර දී ඇත. සමායෝජක හිමියන්ගේ මේසය මත ඇති නාමපුවරු පවා කඩා බි`ද දමා අලාභහානි සිදුකොට පලාගොස් ඇත. මේ පිළිබ`දව අදාළ ප‍්‍රදේශයේ පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු දෙපාර්ශවයම ගෙන්වා කරුණු විමසා අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කර ඇතැයි එම ආරංචි මාර්ග පවසන අතර ඉහත භික්ෂුව කාගේ බලයක් උපයෝගී කරගෙන මෙම මැර කි‍්‍රයා කරන්නේද යන්න ජනතාවට ඇති මහත් ගැටලූවකි.

කුට්ටිගල දම්මුල්ලේ – සේන වී. ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment