කෝටියක රන් සමග හෙට්ටිවීදියේ ව්‍යාපාරිකයකු ත්‍රිරෝදයකින් පැහැරගෙන

55

පිටකොටුව හෙට්ටිවීදියේ පිහිටි ස්වර්ණාභරණ වෙළෙඳ සැලක හිමිකරුවකු රුපියල් එක්කෝටි එකළොස් ලක්ෂයක රන් ආභරණ සහ විදේශීය මුදල් අඩංගු බෑගයක් රැගෙන පාගමනින් හෙට්ටිවීදියට එමින් සිටිය ත්‍රීවිල් රියකින් පැමිණි දෙදෙනකු විසින් ඔහු පැහැරගෙන පලාගොස් ඇතැයි පිටකොටුව පොලිසිය කියයි.

මෙම ව්‍යාපාරිකයා එම ස්වර්ණාභරණ උණු කර කාත්තන්තුඩි සිට පෞද්ගලික බස් රියකින් කොළඹට ගෙන්වා ගෙන ඇත. ව්‍යාපාරිකයා එම බසය පිටකොටුව බස්නැවතුමට පැමිණි පසු රන් තොගය සහිත බෑගය කොන්දොස්තරවරයාගෙන් ගෙන සිය වෙළෙඳ සැලට එන අතරතුර දී මෙසේ පැහැර ගැනීමට ලක්ව තිබේ.

ඔහු බෑගය රැගෙන මඳ දුරක් එද්දි ඔහු අසල නැවැත්වූ ත්‍රිරෝද රථයෙන් පැමිණි දෙදෙනකු ද “කෝ අර රත්තරන් බෑගය” කිමින් ඔහුව බලහත්කාරයෙන් නංවාගෙන බෑගය උදුරාගෙන පලා ගොස් ඇතැයි පොලිසිය කියයි. පසුව අතරමගින් ව්‍යාපාරිකයා බස්වා ඇත.

මෙම සිද්ධිය පිළිබඳව පිටකොටුව පොලිසියේ ප්‍රකාශකයෙකු පැවසුවේ මෙය ඉතා සංවිධානාත්මකව සිදු කළ කොල්ලයක් බවය.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අසීරූ නොවන බව පොලිසිය කියයි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment