වාරි ජලාශ 73 භාගෙට භාගයක් පිරිලා – වාරිමාර්ග අධ්‍යක්‍ෂ ජනරාල්

38

වගාවට සුබයි

වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් වාරි ජලාශ 73 ජල මට්ටම සියයට පනහක මට්ටමකට පැමිණ ඇති නිසා කෘෂිකාර්මික කටයුතු සඳහා එය සුබදායක තත්ත්වයක් යැයි වාරිමාර්ග අධ්‍යක්‍ෂ ජනරාල් එස්. පී. සී. සුගීෂ්වර මහතා ඊයේ (05 දා) පැවසීය.

මහවැලි ජලාශවල ද ජල මට්ටම සියයට 60 කට පැමිණ ඇති බවත් විදුලිබලාගාර ජලාශ වන මාවුස්සාකැලේ සහ කාසල්රි ජලාශවල ජල මට්ටම සියයට 90 ක්ද, සමනල වැවේ ජල මට්ටම සියයට 60 ක මට්ටමක ද පවතින බව ඔහු කීය. අනුරාධපුර ප්‍රදේශයේ මධ්‍යම වැව් වාන් දැමීමට හෝ ඊට ආසන්න මට්ටමක පවතින බව කී සුගීෂ්වර මහතා වැව් කිහිපයක වාන් දොරටු විවෘත කර ඇති නිසා අවධානයෙන් පසුවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය. විශේෂයෙන් හම්බන්තොට වෙහෙරගල ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම නිසා මැණික් ගඟේ ජල මට්ටම ඉහළ යා හැකි බැවින් බැතිමතුන් සහ ප්‍රදේශයේ ජනතාවට අවධානයෙන් කටයුතු කරන ලෙස ද ඒ මහතා දැනුම් දෙයි.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment