සෙනසුරු අපල දුරුකරන බලගතු විෂ්ණුදේව මන්ත්‍ර දැහැන

116

මෙම බලගතුම විෂ්ණු දේව දැහැණ සෙනසුරු අපල පමණක් නොව සියලු‍ම අපල සඳහා ද ශුභ වෙයි. කාලයක් බෙහෙත් ගෙන සුව නොවන රෝගී තත්ව සඳහා ද මෙය භාවිතා කර සුවය ලබා ගන්නට හැකියාව ඇත.

කළයුතු පිළිවෙල :

පළමුව ඔබ පිරිසිදු විය යුතුයි.

සිල්වත් විය යුතුයි.

පළමුව බුදුන් වැඳ තුණුරුවන්ගේ ගුණ සිහි කර විශ්ණු දෙවියන්ට එළඟිතෙල් පහන් 3 ක් දල්වා නිල්මල් වට්ටි 3ක් පූජා කර, මෙම දැහැණ 7 වරක් හෝ 14 වරක් කියා දේව පිහිට ලබාගන්න.

බලගතු විෂ්ණු දැහැණ මගින් බදාදා හෝ සෙනසුරාදා දින වල වතාවත් කර සෙත ලබා ගන්න.

ඕං නමෝ ත්‍රික යුත්තං බලං දේවා
නමෝ රාජා නමෝ වරං
ඒතෙ දේවානු භාවෙන
ශ්‍රී විෂ්ණු රාජා නමෝ නමඃ…..

මෙම දැහැණ කියන්නට පෙර දින 13ක් පිලි වර්ග වලින් ඈත් විය යුතුය. පසුදින 3ක් ද මෙසේ පේ විය යුතුය.

ඔබගේ පෙර පිං බලය හා බුද ග්‍රහයා ගුරු ග්‍රහයා බලවත් ව කේන්ද්‍රයේ ඇති අයට ඉක්මන් ගුණ අත්වෙයි. තමාගේ බලය පෙර පිං බලය මත වෙන කෙනෙකුට ද ඔබට සෙත ලබා දිය හැකිය.

සෙනසුරු අපල දුරුකරන බලගතු විෂ්ණුදේව මන්ත්‍ර දැහැන

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී විද්‍යා විශ්වකීර්ති
නිහාල් හේවාබටගොඩගේ
දු.ක 077 418 1943

advertistmentadvertistment
advertistmentadvertistment