සැප රියෙන් අරක්කු විකුණූ බදුල්ලේ සැකකරු මාට්ටු

193

කන්දකැටිය – ජී. චතුරංග

මීගහකිවුල” කන්දකැටිය” කැටවත්ත” කරමැටිය” බලගොල්ල ආදී ප්‍රදේශ රැසක් වෙත සුඛෝපභෝගී මෝටර් රථයකින් ගොස් රජයේ අරක්කු නීති විරෝධී අන්දමින් අලෙවි කරන ලද පුද්ගලයකු ඔහු සතුව තිබූ අරක්කු තොගයක්ද සමග පෙරේදා (12 දා) සවස සැකපිට අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42 ක පුද්ගලයෙකි.

සුඛෝපභෝගී මෝටර් රථයකින් තැන තැන ගොස් රජයේ අරක්කු නීති විරෝධී ලෙස අලෙවි කරන මෙම පුද්ගලයා සම්බන්ධයෙන් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගැනීමට හැකි විය.

අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහුගේ මෝටර් රථයේ පසුපස කොටසේ සහ ඩිකිය කෙටසේ අලවියෙන් පසුව ඉතිරිව තිබූ රජයේ අනුමත අරක්කු බෝතල් 15 ක් සහ කාලේ බෝතල් හතක් හමුවූ බව පොලිසිය පවසයි.

කන්දකැටිය පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. සමන් දසනායක මහතාගේ මූලිකත්වයෙන් යුත් කණ්ඩායමක් වැටලීම සිදුකර සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළහ. සැකකරු පොලිස් ඇප මත මුදා හළ අතර ඔහුට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට කටයුතු යොදා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment