තිදරු මව දූෂණය කළ තිදෙනාම රිමාන්ඩ්

1004

මෝටර් රථයකින් පැමිණ කුරුණෑගල තිදරු මවක් පැහැරගෙන ගොස් දූෂණය කළ සැකකරුවන් තිදෙනකු රිමාන්ඩ් භාරයට පත්කර තිබේ.

පැහැරගත් තිදෙනාම ඇයව අපයෝජනය කළැයි සැමියා කළ පැමිණිල්ල මත කුරුණෑගල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරීන් විසින් ඉකුත් 14 දා මහව නගරයේදී සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

සැකකරුවන් තිදෙනාම ලබන 20 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර මෙදින හඳුනා ගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කරන ලෙස කුරුණෑගල ප්‍රධාන මහෙස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා පොලිසියට නියෝග කළේය. වින්දිත තිදරු මව වෛද්‍ය පරීක්ෂණ සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

සම්බාහන මධ්‍යස්ථානයේ කළමනාකරුගේ බිරිඳ පැහැරගෙන ගිය පුද්ගලයන් තිදෙනාම තමන් දූෂණය කළ බව සැමියා ඉදිරිපිටදීම ඇය පැවසුවාය.

කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. චන්න කොඹිබෑවල මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී. එම්. එස්. බී. දිසානායක මහතා ඇතුළු පොලිස් නිලධාරීන් විසින් සැකකරුවන් සහ මෝටර් රථය අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට යොමු කරන ලදී.
ආර්. එම්. ඩබ්ලිව්. බණ්ඩාර – කුරුණෑගල

advertistmentadvertistment
advertistmentadvertistment