අධ්‍යාපන වැය ශීර්ෂයදා ගුරුවරු පාර්ලිමේන්තුව ළඟට – ස්ටාලින් කියයි

85

ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවය ගැන ආණ්ඩුව වචනයක්වත් කතා කළේ නැහැ. මේ නිසා අපි අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදය පැවැත්වෙන දෙසැම්බර් 02 වැනිදා පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වන්න තීරණය කළා යැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ‘දිවයින’ට ඊයේ (15දා) පැවසීය.

මෙම උද්ඝෝෂණය සඳහා බස්නාහිර පළාතේ පමණක් විදුහල්පතිවරුන් හා ගුරුවරුන් සහභාගි වන බවද හෙතෙම කීය. මීට අමතරව නොවැම්බර් 30 වැනිදා දිවයිනේ සෑම අධ්‍යාපන කලාප කාර්යාලයක් ඉදිරිපිට ගුරු – විදුහල්පතිවරුන් උද්ඝෝෂණයේ නිරත වන බවද ඒ මහතා කියා සිටියේය.

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය, දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීම ඇතුළු ගැටලුවලට විසඳුම් ඉල්ලා මෙම උද්ඝෝෂණ ව්‍යාපාර පවත්වන බවද ඔහු කීය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment