පේලේ ගේ සැන්ටොස් දරුණු පසුබෑමකට

153

බ්‍රසීලයේ හිටපු සුපිරි පාපන්දු ක්‍රීඩක පේලේ නියෝජනය කළ සැන්ටොස් ක්‍රීඩා සමාජය ඔවුන්ගේ වසර 111ක තරග ඉතිහාසයේ ප්‍රථම වතාවට පසුබෑමට ලක්ව තිබේ.

පසුගිය වසර 111 පුරාම දේශීය තරග පිටියේ ප්‍රධාන කණ්ඩායම් අතර ක්‍රීඩා කළ සැන්ටොස් ක්‍රීඩා සමාජයට ඒ අනුව ඉදිරි වර්ෂයේදී දෙවන කාණ්ඩය යටතේ තරග වැදීමට සිදුවී ඇත.

මෙවර තරග වාරයේ ඔවුන්ගේ අවසන් ලීග් තරගය වූ ෆෝටලෙසා කණ්ඩායම හමුවේ ගෝල 2-1 ක පරාජයක් ලැබීමත් සමග සැන්ටොස් ට එම ඉරණම අත්විය.

සැන්ටොස් 1950 සහ 60 ගණන්වල ස්වර්ණමය යුගයේදී ප්‍රාන්ත ශූරතා 12 ක්, ලීග් ශූරතා හයක් සහ කෝපාස් ලිබර්ටඩෝර් දෙකක් දිනා ගත්තේය. තුන් වතාවක් ලෝක කුසලානය දිනූ සැන්ටොස් ක්‍රීඩක පේලේ පසුගිය වසරේ 82 වැනි වියේදී මිය ගියේය.

advertistmentadvertistment
advertistmentadvertistment