සමුගැනීම ගැන නිහඬ නඩාල්

154

ස්පාඤ්ඤ ජාතික සුපිරි ටෙනිස් ක්‍රීඩක රෆායල් නඩාල් එළඹෙන 2024 වසරේ සිය ක්‍රීඩා ජීවිතයෙන් සමු ගනු ඇතැයි බොහෝ දෙනා විශ්වාසය පළ කළ ද පසුගිය බ්‍රහස්පතින්දා නඩාල් විසින් සිදු කරන ලද ප්‍රකාශයක් සමග ඔහුගේ විශ්‍රාම යෑම තව දුර යනු ඇතැයි විදෙස් විචාරකයෝ අනාවැකි පළ කර සිටිති. ඔහුගේ වෘත්තීය ජීවිතය අවසන් වීමට නියමිත කාල සීමාවක් නියම කිරීම තේරුමක් නැති බවත් නඩාල් එහිදී පවසා තිබුණි. ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාවන් 22 වතාවක් ජයග්‍රහණය කර ඇති 37 හැවිරිදි නඩාල් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ 2024 අවසානයේ තමන් ක්‍රීඩා ජීවිතයෙන් සමු ගන්නා බවයි. ක්‍රීඩාවෙන් සමු ගැනීම පිළිබඳව මාධ්‍ය විමසූ අවස්ථාවේදී පසුගිය බ්‍රහස්පතින්දා ඔහු මෙසේ ප්‍රකාශ කර තිබුණි. “මට එය ප්‍රකාශ කිරීමට අවශ්‍ය නැත, මන්ද කුමක් සිදු විය හැකිද යන්න මම නොදනිමි. එවිට මම මා පැවසූ දෙයට වහලෙකු වනු ඇත. මම හිතන්නේ එය එසේ වනු ඇත, නමුත් මට සියයට 100 ක් විශ්වාස කළ නොහැක, මන්ද අවසානයේ මම නැවත තරගයට පැමිණීමට ඉඩ ඇත. මම කාල සීමාවක් නියම කරන්නේ ඇයි? මම හිතන්නේ ඒක තේරුමක් නැහැ.”

advertistmentadvertistment
advertistmentadvertistment