ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවේ පළමු තරගය අද

204

වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය අද (09 දා) ජපානයට එරෙහිව පැවැත්වෙයි.

අයිසීඒ ඇකඩමි ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 9.30ට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේදී සිනෙත් ජයවර්ධනගේ නායකත්වයෙන් යුතුව තරග වදී.

තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට පකිස්ථාන වයස අවුරුදු 19 න් පහළ ක්‍රීඩකයෝ ඊයේ සමත් වූහ.

නේපාලයට එරෙහිව පැවති තරගයේදී ඔවුහු කඩුලු 7 ක ජයග්‍රහණයක් ලැබූහ.

advertistmentadvertistment
advertistmentadvertistment