උත්තර ලංකා සභාගයේ ප්‍රශ්නයකට අද උත්තර ලැබේ

170


උත්තර ලංකා සභාගය නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයේ අසුන්ගත්
මන්ත්‍රීවරුන් සඳහා වෙනම කාලයක් වෙන් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද තීරණය කළේය.

ඒ අනුව ආණ්ඩු පක්ෂයට වෙන් වන කාලයෙන් සියයට 5ක් ලබා දීමට කාරක සභාව එකඟත්වය පළ කර තිබේ. මෙහිදී ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයාගේ යෝජනාවක් අනුව පාර්ලිමේන්තුව රැස්වන කාලය පැය භාගයකින් දීර්ඝ කර එම කාලයෙන් සියයට 50ක් ද විපක්ෂයේ අසුන්ගත් මන්ත්‍රීවරුන්ට ලබා දීමට ද තීරණය වී තිබේ. ඊට අමතරව සුදුසු පරිදි විපක්ෂයට හිමි කාලයෙන් ද යම් කාලයක් මෙම මන්ත්‍රීවරුන් සඳහා වෙන් වෙනු ඇත.

ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයේ අසුන් ගෙන සිටින “උත්තර ලංකා සභාගය” නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමට, ඩලස් අලහප්පෙරුම ඇතුළු මන්ත්‍රී කණ්ඩායමට මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමට ද පාර්ලිමේන්තුවේදී කතා කිරීමට නියමිත කාලයක් මීට පෙර වෙන්ව නොතිබිණි. මේ පිළිබඳව බොහෝ වාදවිවාද ඇති විය. නමුත් මින් ඉදිරියට එවැනි ගැටළුවක් මතු නොවන අතර නියමිත කාලයක් ද ඔවුන් සඳහා වෙන් වෙනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment