නෙදර්ලන්තයෙන් උතුරේ සංවර්ධනයට අත හිත

50

නෙදර්ලන්ත රජය විසින් 2024 හා 2025 වසර දෙක තුළ උතුරු ප්‍රදේශයට සංවර්ධන ව්‍යාපෘති කීපයක්ම ලබා දීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකාවේ සිටින නියෝජ්‍ය නෙදර්ලන්ත තානාපති ඉවාන් රූට්ජෙන්ස් මහතා යාපනයේදී පැවසීය.

යාපනයේ පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී උතුරු පළාත් ආණ්ඩුකාර පී. එම්. එස්. චාර්ල්ස් මහත්මිය හමු වූ අවස්ථාවේදී තානාපතිවරයා මේ බව සඳහන් කළේය.

මේ සාකච්ඡාවේදී උතුරු පළාත් ආණ්ඩුකාරවරිය උතුරේ සංවර්ධන කටයුතු වල දැනට ඇති ප්‍රගතියත් ඉදිරියේදී උතුරු පළාත තුළ සංවර්ධනය විය යුතු අංශ පිළිබඳවත් නෙදර්ලන්ත නියෝජ්‍ය තානාපතිවරයාව දැනුවත් කළාය.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment