නීති සතිය ඇරඹේ

116

ජාතික නීති සතිය අදින් ආරම්භ වන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.අද සිට ඔක්තෝබර් මස 01 වැනිදා දක්වා නීති සතිය ක්‍රියාත්මක වන බව එම සංගමය පැවසුවේය.ශ්‍රී ලංකා නීතිඥ සංගමය පිහිටුවා ලබන වර්ෂයේ දී වසර 50 ක් සපිරීම වෙනුවෙන් මෙම සතිය ප්‍රකාශයට පත්කර ඇති අතර නොමිලේ නීතිමය උපදෙස් ලබාදී මහජනතාවට බලපාන නීතිමය ගැටලුවලට විසඳුම් ලබාදීම එහි අරමුණ වේ.පසුගිය වසර කිහිපය තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ අතර මෙවර පළාත් නමයේ දිස්ත්‍රික්ක 25ම නියෝජනය වන පරිදි ප්‍රාදේශීය නීතිඥ සංගම්වල මෙහෙයවීම යටතේ ඊට අදාළ කටයුතු සිදුකිරීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමය සැලසුම් කර ඇති බව සඳහන්ය.ඒ අනුව සැප්තැම්බර් 27 සහ 28 යන දෙදින තුළ කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය මුල් කරනිමින් ජනාධිපති නීතිඥවරුන් ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් විසින් ජනතාවගේ නීතිමය ගැටලුවලට නොමිලේ උපදෙස් ලබාදීම සිදුකිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment