ඩෙංගු රෝගීන් වැඩිවීම වැඩිවෙයි – සමස්ත රෝගීන්ගෙන් 50% ක් බස්නාහිරින්

81

මේ දිනවල මහජනතාවට වැඩි වශයෙන් වැළඳෙනුයේ ඩෙංගු ත්‍රී වෛරස් තත්ත්වය බවත් එම රෝගීන්ගේ ශීඝ්‍ර ඉහළ යෑමක් දක්නට ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වනුයේ බස්නාහිර පළාතෙන් බවත් එම ප්‍රතිශතය සියයට 50 ක් බවත් එම ඒකකයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛi නලින් ආරියරත්න මහතා “දිවයින”ට පැවැසීය.

දින 2 කට වඩා උණ පවතින්නේ නම් පූර්ණ රුධිර පරීක්‍ෂාවක් සිදුකරගන්නැයි හෙතෙම මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

තද උණ, හිසරදරය, වමනය යෑම, උදරයේ වේදනාව, සමේ රතුපාට බිබිලි ඇතිවීම යන රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛi ප්‍රතිකාර සඳහා යොමුවීම ඉතා වැගත් බව ද ඔහු කීය. මෙම වසරේ මේ දක්වා (මැයි 17) දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් 34,527 දෙනකු වාර්තා වන බවත් ඩෙංගු මරණ 22 ක් වාර්තා වන බවත් ඔහු සඳහන් කළේය.

ඒ අනුව මෙම වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 7225 දෙනකු ද ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 7799 දෙනකු ද කළුතර දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 2033 දෙනකු ද වාර්තා වන බව ද හෙතෙම කියා සිටියේය. ඩෙංගු අධි අවදානම් කලාප 59 ක් හඳුනාගෙන ඇත.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment