රැස්වීමේ ගුටි කෙළියට යාපනයේ හිටපු නගරාධිපති අත්අඩංගුවට

155

යාපනය මහනගර සභාවේ හිටපු නගරාධිපති එමානුවෙල් අර්නොල්ඩ් මහතා ඊයේ 17 යාපනය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ රැස්වීමක් අවසානයේ ඇතිවු ගැටුමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු නගරාධිපතිවරයා යාපනය පොලිසියට පැමිණි

අවස්ථාවේ මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව හිටපු නගරාධිපතිවරයා යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කර ඇති අතර අදාළ ගැටුමෙන් එක් පුද්ගලයකු තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට පසුගියදා ඇතුළත් කර ඇත. යාපනය පොලිසිය ඒ සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවලට අනුව හිටපු නගරාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී පහර කෑමට ලක්වු තැනැත්තා මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු නගරාධිපතිවරයාට එරෙහිව යාපනය පොලිසියේ පැමිණිල්ලක් සිදු කොට තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු යාපනය පොලිසිය සිදුකරයි.
මුලතිව් – ප්‍රසන්න ප්‍රදීප්

advertistmentadvertistment
advertistmentadvertistment