මේ වසරේ මෙතෙක් ෆෙස්බුක් පැමිණිලි 8743 ක් – වැඩිම පැමිණිලි කාන්තාවන්ගෙන්

525

මෙම වසරේ (2021) මේ දක්වා කාලය තුළ ෆේස්බුක් සම්බන්ධයෙන් පැමිණිලි 8743 ක් ලැබී ඇතැයි පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදයේ ප‍්‍රධාන තොරතුරු ආරක්‍ෂක ඉංජිනේරු රවිඳු මීගස්මුල්ල මහතා ‘දිවයින’ට ඊයේ (5 දා) පැවැසීය.

මින් සියයට 60 කටත් වැඩියෙන්ම පැමිණිලි කර ඇත්තේ කාන්තාවන් බවද හෙතෙම කීය.

පසුගිය වසරේ (2021) පමණක් ෆේස්බුක් සම්බන්ධයෙන් පැමිණිලි දාහතරදහසකට (14,000) අධික ප‍්‍රමාණයක් ලැබී ඇතැයිද ඒ මහතා කියා සිටියේය. මෙම වසරේ (2021) වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ අන් අයගේ නමින් ව්‍යාජ ගිණුම් සකසාගෙන පෙනී සිටීම සම්බන්යෙනි. මීට අමතරව අනවශ්‍ය ලෙස හැක් කිරීම, පිරිමින් කාන්තාවන් ලෙස පෙනී සිටිමින් සිදුකරන ලද අකටයුතුකම් ඇතුළු තවත් වංචාවන් වන බවද ඒ මහතා සඳහන් කළේය.

ෆේස්බුක් සම්න්ධ පැමිණිලි ඇත්නම් ඒ ගැන 0112-691692 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙසද ඒ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ නිරෝෂා වාසල
 

advertistmentadvertistment
advertistmentadvertistment