පාසල් යන්න බසයක් එනතුරු පාරේ සිටි දියණිය සහ මව ටිපර් මාරයාට බිලි

390

තවත් දැරියක් ඉවතට දුවගොස් දිවි බේරාගෙන

වවුනියාව කන්නාට්ටි ප්‍රදේශයේදී පාසල් යමින් සිටි වයස අවුරුදු 09 ක පමණ දැරියක් හා ඇයගේ මව ටිපර් රථයක ගැටී මව හා දැරිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බව පරයනාලංකුලම පොලිසිය සඳහන් කරයි.

අදාළ අනතුර ඊයේ (16 දා) උදෑසන සිදුව ඇති අතර දැරිය පාසලට රැගෙන යෑම සඳහා මව හා දැරිය නිවස ඉදිරිපිට බස් රථයක් පැමිණෙන තුරු රැඳී සිට ඇත. එහිදී වවුනියාව සිට මන්නාරම දෙසට ධාවනය වූ ටිපර් රථයක් මාර්ගය අසල සිටි මව සහ දියණිය හප්පා මෙම අනතුර සිදුකර තිබේ.

ප්‍රදේශවාසීන් පවසන්නේ ටිපරය අධික වේගයෙන් පැමිණ අදාළ මවගේ හා දියණියගේ ගැටී ඇති බවයි. එහිදී තවත් දැරියක් ඔවුන් සමග සිට ඇති අතර ඇය ඉවතට දිව ගොස් දිවි බේරා ගැනීමට සමත්ව තිබේ.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 38 ක් පමණ වන ශිවලෝකනාදන් සුබෝකනී හා ඇගේ දියණිය වන නව හැවිරිදි නිරූබා නමැති දියණියයි. අනතුර සිදුවන අවස්ථාවේ ටිපර් රථයේ තිදෙනකු සිට ඇති අතර ඉන් එක් අයෙකු පලාගොස් තිබේ. කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් අනෙක් පුද්ගලයන් දෙදෙනා අල්ලා පොලිසියට භාරදීමට කටයුතු කොට ඇති අතර අනතුරින් ප්‍රකෝපයට පත් ප්‍රදේශවාසීන් ටිපර් රථයට පහරදී ගිනි තැබීමට උත්සාහ කර ඇති අතර එහිදී දැඩි නොසන්සුන් තත්ත්වයක් ඇතිව තිබේ. මේ හේතුවෙන් මන්නාරම මාර්ගයේ ගමනාගමන කටයුතුවලටද පැය කීපයක් බාධා එල්ල විය.

පසුව පොලිසිය පැමිණ තත්ත්වය පාලනය කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් පරයනාලංකුම පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබයි.

දිනසේන රතුගමගේ සහ මුලතිව් – ප්‍රසන්න ප්‍රදීප්

advertistmentadvertistment
advertistmentadvertistment