සූර් පිට පොලිස් බැරැක්කයේ කලහ කළ සාජන්ලාගේ වැඩ තහනම්

173

යාපනය පොලිස් බැරැක්කය තුළ බීමත්ව කලහකාරී ලෙස හැසිරුණු පොලිස් සැරයන්වරුන් දෙදෙනකුගේ වැඩ තහනම් කළ බව යාපනය පොලිසිය කියයි.

මෙම නිලධාරීන් දෙදෙනා අනෙකුත් පොලිස් නිලධාරීන්ට ද බාධා ඇතිවන ලෙස කෑකෝගසමින් අඬදබර කිරීම සම්බන්ධයෙන් පොලිස් ප්‍රධානීන් සිදුකළ විමර්ශනයකින් පසු ඔවුන් දෙදෙනාගේ සේවය තහනම් කර තිබේ.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment