කථානායක වාහනය රෙපයාර් කරන්න කෝටි 2.5ක්

95

තමා පරිහරණය කරන වාහනය වසර 15ක් ඉක්මයෑම නිසා එය අලුත්වැඩියා කිරීම සඳහා ප්‍රධාන පෙළේ සමාගමකින් රුපියල් දෙකෝටි හැටඅට ලක්ෂයකට ඇස්තමේන්තු කර ඇති බව කථානායක මහින්ද යාපා අබේරත්න මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහයට‘ පැවසීය.

මෙම තත්ත්වය අනුව පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට තීරුබදු රහිත වාහන ලබාදීම යෝග්‍ය යැයි කී කථානායකවරයා ඔවුන්ට මෙම වාහන ලබාදීම පිළිබඳව ලබන සතියේ රැස්වෙන පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී සඳහන් කරන බැව්ද පැවසීය.

තමාගේ වාහනය අලුත්වැඩියා කරනවාට වඩා අලුත් වාහනයක් ලබාගැනීම සුදුසු යැයි තමාට හැඟී ගිය බවද කථානායකවරයා කීවේය.

ඕනෑම වාහයනයක් වසර දහයකට වැඩි කාලයක් පරිහරණය කිරීමට නොහැකි යැයිද මහින්ද යාපා අබේරත්න මහතා සඳහන් කළේය.

තමා දැනට පෞද්ගලික වාහනයක් සහ පැරණි වාහනයෙන් ගමන් බිමන් සඳහා යොදා ගන්නා බවද හෙතෙම කීවේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment