කර්මාන්ත 9.2%ක පසුබෑමක

79

මෙරට කර්මාන්ත අංශයේ කටයුතු ඉකුත් වර්ෂයේ දී (2023) සියයට 9.2කින් පහත වැටී ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්ෂික ආර්ථික විවරණ වාර්තාවේ සඳහන් වෙයි.

ඉදිකිරීම් කර්මාන්තයේ ව්‍යාපෘති අත්හිටුවීම, මෙම පහත වැටීම සඳහා ප්‍රධාන වශයෙන් හේතුවී තිබුණි. එමෙන්ම රෙදිපිළි, නිමි ඇඳුම්, සම් භාණ්ඩ නිෂ්පාදනය සඳහා වන ගෝලීය ඉල්ලුම පහත වැටීම නිසා නිෂ්පාදන කර්මාන්ත කටයුතු පහත වැටී තිබුණි.

කෙසේ වුවද ඉකුත් වර්ෂයේ දී කර්මාන්ත අංශයේ සැපයුම්වල ක්‍රමික වර්ධනයක් දක්නට ලැබුණ ද ඉල්ලුම අංශයේ පසුබෑම ද කර්මාන්ත අංශයේ කටයුතු පහත වැටීමට බලපා ඇති බව මහ බැංකු වාර්තාවේ සඳහන් වෙයි.

ඉකුත් වර්ෂයේ ඉදිකිරීම් අංශයේ සියයට 20.8ක පසුබෑමක් වාර්තා වී තිබූ අතර නිෂ්පාදන කර්මාන්ත අංශය සියයට 3.2ක පසුබෑමක් වාර්තා වී තිබූ බව ද මහ බැංකු වාර්තාවේ සඳහන් වෙයි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment