20න් පහළ සමස්ත ලංකා බේස්බෝල් ශූරතාව රිච්මන්ඩ් විද්‍යාලයට

71

ශ්‍රී ලංකා පාසල් බේස්බෝල් සංගමය මගින් සංවිධානය කරනු ලැබූ වයස අවුරුදු 20න් පහළ සමස්ත ලංකා බේස්බෝල් අවසන් මහා තරගයේදී කොළඹ රාජකීය විද්‍යාලය ලකුණක සහ ඉනිමකින් පරාජයට පත් කරමින් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයීය බේස්බෝල් කණ්ඩායම සමත් විය.

තරගාවලියේ තෙවන ස්ථානය කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයට හිමි විය.

තරගාවලියේ දක්ෂතම පන්දුවට පහර දෙන්නා ලෙස පියුශාන් තරීන් විමලවීර – (රිච්මන්ඩ් විද්‍යාලය) සහ තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙස ඉඳුසර බමුණුකුල – (රිච්මන්ඩ් විද්‍යාලය) සම්මාන ලැබූහ.

ජයග්‍රාහී රිච්මන්ඩ් විදුහල් කණ්ඩායම මෙහි දැක්වේ.

ඉදිරි පෙළ වමේ සිට දකුණට – චන්දිම ජයසේකර (පුහුණුකරු), නුවන් ජයසිංහ (ක්‍රීඩා භාර ආචාර්ය), නෙතුමි සන්කලන (නායක), පී. එස්. පුෂ්පකුමාර (විදුහල්පති), සංදීප මධුසංඛ (උප නායක), ධර්මරත්න (සහකාර විදුහල්පති ක්‍රීඩා), ජනක ප්‍රදීප් (සහය පුහුණුකරු)

පසු පෙළ වමේ සිට දකුණට – සනහස් රමිඳු, එනෝෂ් ෂෙහාන්, බිනුල් නේලක, ප්‍රවීන් මනුක, විනූෂ ලෝමිත, සසිඳු ලක්ෂිත, පියුශාන් තරීන්, ගිහේන් නිමිජය, කසුන් නිශාන්ත, චාරුත පවන්, ජනිත් සාවින්ද්‍ය, ලෙහාන් රන්දික, ඉඳුසර බමුණුකුල, තිසුන් තරුෂ.

advertistmentadvertistment
advertistmentadvertistment