හදිසි මිලදී ගැනීම් මගින් ඖෂධ ගැනීමෙන් රු. බිලියනයකට අධික මුදල් අවභාවිතාවක්

95

ආන්දෝලනයට ලක් වූ ‘සෙෆියුරොක්සීම්’ ප්‍රතිජීවක ඖෂධ එන්නත් මිලියන දෙකහමාරක් හදිසි මිලදීගැනීම් යටතේ

ගැනීමෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය රුපියල් බිලියනයකට අධික මුදලක් සෞඛ්‍ය සේවාවට අහිමි කර ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.

හදිසි මිලදී ගැනීම් සඳහා භාවිත කෙරෙන ක්‍රමවේදයේ විකෘති බව සහ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව කටයුතු කිරීම හේතුවෙන් රටට විශාල ලෙස මුදල් අහිමිවන බව ද එම සංගමය පෙන්වා දෙයි.

‘සෙෆියුරොක්සීම්’ ප්‍රතිජීවක ඖෂධ එන්නත සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රමය යටතේ මිලදී ගන්නේ නම් එක් එන්නතක් ඇ. ඩො. 0.18 කට මිලදී ගත හැකි වුව ද අදාළ සමාගමට වෙළෙඳපොළ ඒකාධිකාරයක් ලැබීම නිසා ඇ. ඩො. 2.0 දක්වා ලංසුව ඉහළ දැමීමෙන් මෙම අදාළ එන්නත් කුප්පි මිලියන දෙකහමාරක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මිලදීගෙන ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය කියයි.

එමෙන්ම සාමාන්‍ය මිලදී ගැනීම් හරහා රු. 175 කට ගත හැකිව තිබූ ‘ඉන්සොෆාරීන්’ නමැති ඖෂධය ඉකුත් දිනවලදී හදිසි මිලදී ගැනීම් යටතේ රුපියල් 1000 ක පමණ මිලකට ලබාගෙන ඇති බවත් රුපියල් 250 කට ගත හැකි ‘ඉන්සියුලින්’ ඖෂධය රු. 1100 කටත්, රුපියල් 200 කට ගත හැකි ‘මිරොපෙනම්’ ඖෂධය රුපියල් 1950 කටත් හදිසි මිලදී ගැනීම් යටතේ ලබා ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය නිකරුණේ විශාල මුදල් අවභාවිතාවක් සිදුකර ඇතැයි එම සංගමය චෝදනා කරයි.

මෙම හදිසි මිලදී ගැනීම් හරහා තුන්වෙනි පියවරේ ප්‍රතිජීවක ( 3rd Line Antibiotic) අනවශ්‍ය ලෙස භාවිත කිරීමක් ද සිදුවන බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසයි.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment