ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, පසුගිය දිනට යෙදුණු ලෝක කාන්තා දිනයට සමගාමීව මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන කාන්තාවන් වෙනුවෙන් අත්‍යාවශ්‍ය ඖෂධ සහ අනෙකුත් ද්‍රව්‍ය ප්රදානය කිරීම පසුගියදා සිදු විය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු ඇතුළු ඉහළ කළමනාකාරිත්වය සහ රෝහල් කාර්ය මණ්ඩලය සහභාගී වන ලදී.
මෙරට සෞඛ්‍ය සහ සමාජීය යහපැවැත්ම වෙනුවෙන් SLT-MOBITEL ක්‍රියාවට නංවා ඇති‘සබැඳියාවේ සත්කාරය’ ප්‍රජා සත්කාර වැඩසටහන යටතේ මෙම පරිත්‍යාගය සිදු කළ අතර SLT-MOBITEL හි පාරිසරික, සමාජීය සහ පාලන (Environmental Social Governance – ESG) සංකල්පය හරහා පසුගිය වසංගත කාලසීමාව තුළ පවා ප්‍රජාවන්ට විවිධ අයුරින් සහයෝගය දැක්වීම සමාගම කටයුතු කරන ලදී.