අක්‍ෂි කාච පිළිබඳ මාධ්‍ය නිවේදන නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය පඹගාලක පැටලිලා

117

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය

අක්ෂි කාච සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සහ සෞඛ්‍ය ඇමැතිවරයා නිකුත් කර ඇති මාධ්‍ය නිවේදන සහ ප්‍රකාශ හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ‘පඹගාලක’ පැටලී ඇතැයි, වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

මාස හයකට සරිලන ලෙස අක්ෂි කාච රටේ ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පසුගිය සතියේ මාධ්‍ය නිවේදනයක් මගින් කියා තිබියදී සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා රට තුළ අක්ෂි කාච ඇත්තේ එක් මසකට පමණක් බව කීම නිසා මෙම තත්ත්වය උද්ගතව ඇතැයි ද එම සන්ධානය කියයි.

එහෙත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත පද්ධතියට අනුව මේ වනවිට රට තුළ අක්ෂි කාච කිසිවක් නොමැති බවත්, අති විශාල මුදලක් වියදම් කර සකස් කළ එම දත්ත පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීමෙන් මහජනතාවගේ ජීවිත අවදානමට ලක්ව තිබෙන බව ත් ඔවුන් කියා සිටී.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment