ශ්‍රී ලංකා සිම්බාබ්වේ හෙට තරගය නොමිලේ නරඹන්න අවස්ථාව

291

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර හෙට (11) කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත තෙවැනි සහ අවසන් එක්දින තරගය නොමිලේ නැරඹීම සඳහා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත.ප්‍රේක්ෂකාගාරයේ සී හා ඩී කොටස්වල ඉහළ සහ පහළ ආසන (C&D Upper and Lower Stands) මෙසේ ප්‍රේක්ෂකයන්ට විවෘතවේ.ප්‍රේක්ෂකයන්ට ඇතුළු වීම සඳහා ප්‍රවේශ දොරටු පස්වරු 01ට විවෘත කිරීමට නියමිත බව වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment