76වැනි නිදහස් උළෙල සමරයි

243

ශ්‍රී ලංකාවේ 76 වැනි නිදහස් උත්සවය අද පෙරවරු 8.00ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලුමුවදොර පිටියේ දී පැවැත්විණි.හදමු අලුත් රටක් මෙවර නිදහස් උළෙලේ තේමාව විය. නිදහස් උළෙලේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තවිසින් මහතා සහභාගී විය.ජනාධිපතිවරයා ජය සක් බෙර නාදය මැද ජාතික කොඩිය එසවීමෙන් පසු ජාතික ගීය සහ ජයමංගල ගාථා ගායනය පැවැත්විණි. තායිලන්තය අග්‍රාමාත්‍යවරයා පිලිගැනීම තායි භාෂාවෙන් සිදු කරන ලදී.මෙවර නිදහස් උත්සවයේ දී ජනාධිපතිවරයා ජාතිය ඇමතීම සිදු නොකළේය. ලබන 07 වැනිදා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කරමින් ජනාධිපතිවරයා රාජාසන කතාව පැවැත්වීමට නියමිතව තිබීම ඊට හේතුව බව වාර්තාවේ. ත්‍රිවිධ හමුදා උත්තමාචාරය සහ සංස්කෘතික සංදර්ශනය පැවති අතර දෙමළ බසින් ජාතික ගීය ගායනා කිරීමෙන් පසු පෙරවරු 10.45ට පමණ නිදහස් දින උළෙල නිමාවට පත්විය.

advertistmentadvertistment
advertistmentadvertistment