ශ්‍රී ලංකාව පළමු ඉනිමට 439යි

260

ශ්‍රී ලංකාව සහ සංචාරක ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම අතර කොළඹ SSC පිටියේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 439ක් ලබා ගැනීමට සමත් විය.එහිදී ඇන්ජලෝ මැතිව්ස් 141ක් සහ දින්ෂ් චන්දිමාල් 107කි ද දිමුත් කරුණාරත්න 77ක් ද ලෙස ලකුණු ලබා ගත්හ. ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 198කි.ඒ අනුව ලකුණු 241ක් පසු පසින් සිය දෙවැනි ඉනිම ආරම්හ කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කිසිවකුත් නොදැවී ලකුණු 51ක් ලබා ක්‍රීඩා කරයි.අද තරගයේ තෙවැනි දිනයයි.

advertistmentadvertistment
advertistmentadvertistment