අධිවේගයේ හෙමින් ගියොත් දැඩි පියවර

141

අධිවේගී මාර්ගවල අවම වේගයට වඩා අඩු වේගයකින් රිය ධාවනය කරන රියැදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය අදහස් කර ඇත.

මේ සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය මූලික වශයෙන් උපදෙස් මාලාවක් මේ සතිය ඇතුළත නිකුත් කිරීමට අදහස් කරන බව, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් එම්. වීරකෝන් මහතා පැවසීය.

දැනට මෙරට අධිවේගී මාර්ගවල වාර්තා වී ඇති අනතුරුවලින් වැඩි සංඛ්‍යාවක් නියමිත වේගයවට වඩා අඩු වේගයකින් රිය පදවන රියැදුරන් නිසා සිදුව තිබෙන බවට නිරීක්‍ෂණය වී ඇති බව ද ඒ මහතා කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment