නව යුද හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පත් කරයි

438


නව යුද හමුදාපති ලෙස මේජර් ජෙනරාල් විකුම් ලියනගේ ද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ද අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ජනාධිපති මන්දිරයේදී පත්වීම් ලිපි භාරගත්හ.ඒ අනුව ඔවුන් හෙට නව ධුරයන්හි වැඩ භාරගැනීමට නියමිතය.විකුම් ලියනගේ මහතා හෙට වැඩ භාරගන්නේ 24 වැනි යුද හමුදාපතිවරයා ලෙසය.ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදා පතිධුරයට අමතරව මෙතෙක් වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළේය.

නව යුද හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පත් කරයි
advertistmentadvertistment
advertistmentadvertistment