ඇමැති විෂය පථයට අනුව ජනපතිට සහ අගමැතිට ආයතන 99ක්

308


කැබිනට් ඇමැතිවරුන්ට අයත් විෂය පථ තීරණය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව ජනාධිපතිවරයා යටතේ පවතින ආරක්ෂක අමාත්‍යංශය යටතට ආයතන දෙපාර්තුමේන්තු,සංස්ථා 42ක්ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ ඇති මුදල් අමාත්‍යංශය යටතට ආයතන,දෙපාර්තුමේන්තු,සංස්ථා 57ක්ද ඇතුළත්ය.
ජනාධිපතිවරයා යටතේ ඇති ආයතන අතර ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය,විදුලි සංදේශ නියාමන කොමිසම,ශ්‍රී ලංකා ටෙලිකොම්,කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයද ඇතුළත්ය.
අගමැතිවරයා යටතේ ඇති ආයතන අතර ශ්‍රී ලංකා මහ බැංකුව,මහාභාණ්ඩාගාරය,දේශීය ආදායම්,ශ්‍රී ලංකා රේගුව සහ ජාතික සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයද ඇතුළත්ය.

advertistmentadvertistment
advertistmentadvertistment