ඩෙන්මාර්කයේ කොටි නායකයාට වැඩ වරදියි

1563

නාවික නිලධාරියකුට සහ හිටපු හමුදා නිලධාරියකුට ඇමරිකානු සම්බාධක

නෝර්වේ කොටි නායක තෙදියවන් දුන් හොර ලියුම් 2ක් අසුවෙයි

කොටි තහනම අහෝසි කිරීම වැරදෙයි

කොටි සංවිධානයට අලවා ඇති ත‍්‍රස්තවාදී ලේබලය අහෝසි කරන ලෙස ඉල්ලමින් කොටි සංවිධානයේ යුරෝපා දේශපාලන උප ඒකකය විසින් ගොනුකර තිබූ නඩුව පසුගිය 24 වැනිදා යුරෝපා අධිකරණය ඉවත දමනු ලැබීය.

මෙම නඩුවට වැයවූ ගාස්තු පැමිණිලිකාර සංවිධානය විසින් දැරිය යුතු අතර යුරෝපා අධිකරණයට වැයවූ ගාස්තුද ගෙවීමට නියම විය.

ඩෙන්මාර්කයේ සිට කි‍්‍රයාත්මක වන මෙම සංවිධානයේ පැමිණිලිකරුලෙස යුරෝපා අධිකරණය හමුවේ පෙනී සිටියේ යුරෝපා කොටි දේශපාලන ඒකකයේ කලාපීය අධ්‍යක්‍ෂක තවරාජ් නැමැත්තෙකි. කොටි සංවිධානය වෙනුවෙන් පෙනීසිටීමට නුඹට බලය දුන්නේ කවුදැයි යුරෝපා අධිකරණය තවරාජ්ගෙන් විමසූවිට ඔහු පැවසුවේ නෝර්වේ රටේ සිටින නෙදියවන් එම බලය දුන් බව තවරාජ් පැවසුවත් යුරෝපා අධිකරණය එකී ප‍්‍රකාශය පිළිගත්තේ නැත. එසේම තවරාජ් නැමැත්තා 2020 අගෝස්තු 13 සහ 14 යන දෙදින තුළ යුරෝපා කොටි දේශපාලන ඒකකයේ බි‍්‍රතාන්‍ය නෝර්වේ ස්විස් – බෙල්ජියම – ප‍්‍රංශය – ඩෙන්මාර්ක් – ඉතාලි සහ ජර්මානු ඒකකවල අධ්‍යක්‍ෂකවරු යයි පවසන පිරිස තමාට ලබාදුන් දිවුරුම් ප‍්‍රකාශද යුරෝපා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

එහෙත් තවරාජ්ට වැරදුනි. 2011 වසරින් පසු යුරෝපා කොටි දේශපාලන ඒකකයේ කලාපීය අධ්‍යක්‍ෂක ලෙස දක්වන චරිතය තවරාජ් නොවන බව අධිකරණ බලධාරීන්ට අවබෝධ විය. ඒ අනුව යුරෝපා අධිකරණය තීන්දු කළේ කොටි දේශපාලන ඒකකය නියෝජනය කිරීමට තවරාජ්ට නිසිලෙස අනුමැතිය ලැබී නැති බවයි.

එසේම තවරාජ්ගේ අරමුණ වූයේ තහනමට ලක්වී ඇති කොටි අරමුදල් නිදහස් කර ගැනීමයි. මෙහිදී යුරෝපා අධිකරණය තවරාජ්ගෙන් ප‍්‍රශ්නයක් අසමින් ඔහු කොටි සංවිධානයට අනුයුක්තදැයි විමසා ඇත. දිවුරුම් ප‍්‍රකාශ හැර තවරාජ් කොටි සංවිධානයට සම්බන්ධ බවට කිසිදු ලියවිල්ලක් ඉදිරිපත්කර නැතැයි යුරෝපා අධිකරණයේ විනිසුරුවෝ පළකළහ. මෙයට ප‍්‍රතිචාර දැක්වූ තවරාජ් 2009 දී කොටි පරාජයවීමෙන් පසු දේශපාලන ජාලයක් ලෙසට පරිවර්තනය වූ බවයි.

යුරෝපා කොටි දේශපාලන ජාලයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කළේ නෙදියවන්ය. ඔහු සහ තවත් හයදෙනෙක් සියලූ බලතල මාවෙත පවරනු ලැබුවා යයි තවරාජ් තවදුරටත් අනාවරණය කළේය.

මෙහිදී තවරාජ් වෙනුවෙන් පෙනීසිටි නීතිවේදීහු මෙම නඩුව ගොනු කළේ කොටි සංවිධානය වෙනුවෙන් බවත් තවරාජ් සහ කොටි අතර සබඳතාවය ඉන් සනාථ වන බවත් කියා සිටියහ. එහෙත් යුරෝපා කොටි දේශපාලන ජාලයේ කලාපීය අධ්‍යක්‍ෂක ලෙස කටයුතු කිරීම තවරාජ්ට ලබාදී තිබූ බලය 2011 අපේ‍්‍රල් 5 දා අවසන් වී ඇතැයි යුරෝපා අධිකරණය තර්ක කළේය. එයටද ප‍්‍රතිචාර දැක්වූ තවරාජ් අලූත් ලියවිල්ලක් අධිකරණය හමුවේ ඉදිරිපත් කරමින් 2019 ජුනි 23 සිට තමාව යුරෝපා දේශපාලන කොටි කලාපීය අධ්‍යක්‍ෂක ලෙස පත්කර ඇතැයි සඳහන් කරනු ලැබීය.

එහෙත් යුරෝපා අධිකරණය එම ලියවිල්ල පිළිගත්තේ නැත. එවැනි බලයක් සෙල්වරත්නම් තවරාජ්ට දී නැතැයි අධිකරණයේ මතය විය. එසේනම් යුරෝපා අධිකරණය වෙත මේ තක්කඩියා ඉදිරිපත් කළේ බොරු ලියවිල්ලක්ද?

පැමිණිලිකරු සෙල්වරත්නම් තවරාජ් 2011 අපේ‍්‍රල් 5 දා ලිපියෙන් කොටි සංවිධානය නියෝජනය කිරීමට බලය ලැබුන බව කියා සිටියා. එම ලිපිය අක‍්‍රිය වී ඇතැයි පෙන්නුම් කළවිට 2019 ජුනි 23 දා ලිපියෙන් එම බලය තවදුරටත් ලැබී ඇතැයි පෙන්නුම් කළා. මෙය පිළිගත නොහැ යයි යුරෝපා අධිකරණය පළකළේය.

එසේම යුරෝපා දේශපාලන ඒකකයේ කලාපීය සම්බන්ධීකරණ අධ්‍යක්‍ෂ ලෙස තහවුරු කිරීමට තවරාජ් සෙල්වරත්නම් අසමත් වී ඇත.

මේ හැර කොටි සංවිධානය ත‍්‍රස්ත සංවිධානයක් ලෙස කි‍්‍රයානොකරන බවට සාකෂි ඉදිරිපත් කිරීමටද ඔහුට නොහැකිවිය. මොහු කොටි ජාත්‍යන්තර මහලේකම් කාර්යාලයේ ප‍්‍රධානියා ලෙසද පෙනී සිටි අතර ඊට අදාළ නිල ලියවිලි නොතිබුණි. යුරෝපා අධිකරණය හමුවේ සෙල්වරත්නම් නවරාජ් ඉදිරිපත් කළ මූලික තර්කය වූයේ 2009 දී කොටි පරාජයවීමෙන් පසු ත‍්‍රස්ත කි‍්‍රයා කර නැති බවයි. එහෙත් 2014 දී කොටි බුද්ධි ඒකකයේ කජීපන් සෙල්වනායගම් හෙවත්ගෝබි අල්ලා ගැනීම සඳහා ශ‍්‍රී ලංකා පොලිසිය සිදුකළ මෙහෙයුමකදී එක් පොලිස් නිලධාරියකු තුවාල ලැබූ අතර ගෝබි හමුදා ප‍්‍රහාරයකින් මරුමුවට පත්වීමේ සිද්ධිය යුරෝපා අධිකරණයට වාර්තා වී තිබුණි. ඊට සමගාමීව 2014 වසරේදීම මැලේසියානු කොටි ජාලයට සම්බන්ධ ලියවිලි සහ විදේශ මුදල් හමුවී තිබුණි.

මැලේසියානු බලධාරීන් පැවසුවේ කොටි සංවිධානය යළි පණගැන්වීමට උත්සාහ කරන බව පරීක්‍ෂණවලින් හෙළිවී ඇති බවයි.

මෙයට අමතරරව ප‍්‍රංශයේ සිට කි‍්‍රයාත්මකවූ ටැමිල් කෝඩිනේටින් කමිටි උත්සාහ කරන බව පරීක්‍ෂණවලින් හෙළිවී ඇති බවයි. ප‍්‍රංශයේ සිට කි‍්‍රයාත්මකවූ ටැමිල් කෝඩිනේටින් කමිටි හෙවත් ද්‍රවිඩ සම්බන්ධිකරණ කමිටුව ත‍්‍රස්ත කි‍්‍රයා මෙහෙයවීමටත් අරමුදල් එකතු කිරීම, කප්පම් ගැනීම සහ සාහසික කි‍්‍රයා සිදුකිරීම සැලසුම් කරන බව වාර්තාවීම නිසා එම සංවිධානයට එරෙහිව නඩුවක් ගොනු වී තිබූ අතර එම නඩුව කෙරේද යුරෝපා අධිකරණයේ අවධානය යොමුවිය. එස්. ජෙනවසෝහි, එල්. මේඩයිස් සහ පිනිහවුල් යන විනිසුරුවන් ඉදිරියේ පැවැති මෙම නඩු විභාගට සෙල්වරත්නම් තවරාජ් වෙනුවෙන් ඉහලම මුදලක් අයකරන වැන් අයික් සහ ටී. බුරුවා යන නීතිවේදීහු පෙනී සිටියහ.

කොටි තහනම අහෝසි කරන ලෙස ඉල්ලමින් ගොනු කර තිබූ මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස බි‍්‍රතාන්‍ය රජයද නම් කර තිබුණි. ලක්සම්බර්ග් නුවර පිහිටි යුරෝපා අධිකරණය වෙතින් නඩු ගාස්තු ඉල්ලා සිටීමට තවරාජ් කි‍්‍රයාකළත් එයද පාරාවළල්ලක් විය. යුරෝපා සංගමයේ තහනම් ත‍්‍රස්තවාදී ලේඛනයට කොටි සංවිධානය ඇතුළත් කළ යුතු යැයි යුරෝපා අධිකරණය නියම කර එම අධිකරණයට වැයවූ වියදම ගෙවන ලෙස තවරාජ්ට නියම විය. මේ අතර දෙසැම්බර් 8 දා ඇමරිකානු කොංග‍්‍රසයේ මානව හිමිකම් පිළිබඳ ටොම් ලැන්ඩන් කොමිසම හමුවේ හියුමන් රයිට්ස් වොච් නැමැති රාජ්‍ය නොවන සංවිධානයේ අධ්‍යක්‍ෂක ජෝන් සිප්මන්් පිටු 13ක දිවුරුම් ප‍්‍රකාශයක් ඉදිරිපත් කරමින් ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් බරපතල ලෙසින් උල්ලංඝනය කෙරෙන බව ප‍්‍රකාශ කළේය. වන්නි මෙහෙයුම සමයේ කොටි පරාජයවීමෙන් පසුද මෙරටට නොපැමිණි ජෝන් සිප්මන්ගේ දිවුරුම් ප‍්‍රකාශයට අමුද්‍රව්‍ය සපයා ඇත්තේ මෙරට රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානීන් බව තහවුරු වී ඇත.

ජෝන් සිප්මන් ශ‍්‍රී ලංකාවට එල්ල කර ඇති චෝදනා මෙසේය.

  1. ජිනීවා යෝජනාව අහකට දමා ඇත.
  2. ත‍්‍රස්ත මර්දන පනත අහෝසි කර නැත.
  3. ඇමරිකාවේ බයිඩන් පාලනය වෙත කොංග‍්‍රස් සභාව විසින් මේ ගැන අවධානය යොමුකළ යුතුය.
  4. මානව හිමිකම් උල්ලංඝනය කළ වුන්ට එරෙහිව ඇමරිකානු රාජ්‍ය ආරක්‍ෂක දෙපාර්තමේන්තුව කටයුතු කළ යුතුයි.
  5. ශවේන්ද්‍ර සිල්වාට පැනවූ සම්බාධක අනිකුත් නිලධාරීන්ටද පැනවිය යුතුය.
ඩෙන්මාර්කයේ කොටි නායකයාට වැඩ වරදියි

මෙම දිවුරුම් ප‍්‍රකාශයේ තවදුරටත් දක්වා ඇත්තේ ඇමරිකානු රජය ජගත්මැග්නිට්ස්කි පනත අනිකුත් හමුදා නිලධාරීන්ට සහ හමුදා ඒකකවලටද පැනවිය යුතු බවයි.

ඇමරිකාව වෙත විකල්පයක් නැත. මානව හිමිකම් උල්ලංඝනය කළ ආරක්‍ෂක නිලධාරීන් සමඟ කටයුතු කරනු වෙනුවට ජනපති රාජපක්‍ෂ සමඟ සෘජුව කටයුතු කළ යුතු යයි පවසන මේ ඇමරිකානු රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානියා වගවීමේ ක‍්‍රයාවලිය ඉටුනොවන නිසා මැග්නිට්ස්කි පනත තුළින් මානව හිමිකම් උල්ලංඝනයකළවුන් ඉලක්ක කර තහංචි කි‍්‍රයාත්මක කළ යුතු බවයි.

ජෝන් සිප්මන් මින් කියාසිටියේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය විසින් යුද අපරාධ චෝදනා එල්ල වූ හමුදා නිලධාරීන් 28කටද ජගත් සම්බාධක පනවන ලෙසයි.

එසේම ඇමරිකානු සී අයි ඒ සංවිධානයට සම්බන්ධ හියුමන් රයිට්ස් වොච් ප‍්‍රධානියා සිය දිවුරුම් ප‍්‍රකාශයෙන් චීනයටද චෝදනා නගා ඇත. නීතිරීති උල්ලංඝනය කිරීම වසන් කිරීමේ අරමුණින් රාජපක්‍ෂ රජය චීනය දෙසට හැරී තිබෙනවා. මේ නිසා ඇමරිකාව විසින් යුරෝපා සංගමය සහ අනිකුත් මිත‍්‍රජාතීන් එක්ව ඊට ප‍්‍රතිචාර දැක්විය යුතු යයි හෙතෙම සඳහන් කළේය. ජෝන් සිප්මන් වන්නි මෙහෙයුම දුටුවාක් මෙන් තවදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ මුළු කොටි නායකත්වය ඝාතනය කර හෝ බලහත්කාරයෙන් අතුරුදන්වී කර ඇති බවයි.

කොළඹදී සහ තවත් ප‍්‍රදේශවලදී ආරක්ෂක අංශ විසින් මාධ්‍යවේදීන් මරාදමා හෝ අතුරුදන් කර ඇතැයි ඔහු තවදුරටත් දක්වා ඇත. මොහුට අමතරව ඇමරිකානු හාවඞ් නීති පාසලේ ශිෂ්‍ය නීතිවේදිනියක් යයි කියන සොන්ඩ‍්‍රා ඇන්ටන් නැමැත්තිය වසර 12කට පසු ටොම් ලැන්ටොස් මානව හිමිකම් කොමිසම හමුවේ ප‍්‍රකාශයක් කර ඇත.

තම පියා ද්‍රවිඩයකු බවත් මව යුදෙව් කාන්තාවක් බවත් පවසන සොන්ඩ‍්‍රා මානව හිමිකම් උල්ලංඝනය කළ අයට එරෙහිව කි‍්‍රයාකිරීම ඇමරිකානු රජයේ වගකීම බවද පවසා ඇත. මේ පසුබිම මැද බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව තුළද ශ‍්‍රී ලංකාවට එරෙහි චෝදනා එල්ල විය.

බි‍්‍රතාන්‍යයේ ද්‍රවිඩයන් විශාල වශයෙන් සිටින හැරෝ ආසනයේ මන්ත‍්‍රී ගැරත් තෝමස් නැමැති කොටි හිතවාදියා මෙලෙස ප‍්‍රකාශ කර ඇත. ජනරාල් ශවේන්ද්‍ර සිල්වා යුධ අපරාධකරුවෙකි. ඔහුට එරෙහිව මැග්නිට්ස්කි ක‍්‍රමයේ සම්බාධක පැනවිය යුතුයි. ඔහුට එරෙහිව යස්මින් සුකා පිටු 50ක වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඇමරිකාව මොහුට සම්බාධක පැනවුවානම් අපත් එය කළයුතුයි යයි ගැරත් තෝමස් කියා සිටියේය. ටැමිල්ස් ෆෝ ලේබර් නැමැති සංවිධානයේ ප‍්‍රධානි සෙන් කන්දයියා ප‍්‍රකාශයක් කරමින් ශ‍්‍රී ලාංකික යුද අපරාධකරුවන්ට එරෙහිව කි‍්‍රයාකරන ලෙස තමා බි‍්‍රතාන්‍ය ලේබර් පක්‍ෂයෙන් ඉල්ලා සිටින බව පළකළේය.

යුද අපරාධකරුවන්ට දඬුවම් කරන තුරු අපි සටන ගෙනියනවා යයි කොටි හිතවාදී කන්දයියා තවදුරටත් දක්වා ඇත. මේ ටැමිල්ස් ෆෝ ලේබර් සංවිධානයේ උප සභාපතිනි කවුද? ඒ. ශර්මිලා වර්ධරාජ්ය. ඇගේ පියා කවුද? ඔහු කොටි ඝාතකයකුවූ රගුකුඞ්ඩු හෙවත් කන්නන්ය.

මරාගෙන මැරෙන බෝම්බකරුවන් මෙහෙයවීම සහ බිම්බෝම්බ ඇටවීමේ අපරාධ කි‍්‍රයාවලට සම්බන්ධ රගු තම දියණියව කොටි සංවිධානයට බඳවා ගත්තේ නැත. 1991 දී හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධි ඝාතනයේ කොටස්කරුවකුවූ රගු වන්නි මෙහෙයුමත් සමඟ පැන ගියේය. ඔහුගේ දියණිය ෂර්මිලා ජිනීවා මානව හිමිකම් සමුළුව අමතමින් ශ‍්‍රී ලංකා හමුදාවට චෝදනා කළාය.

ටැමිල්ස් ෆෝ ලේබර් සංවිධානයේ සන්නිවේදන නිලධාරිනිය ලෙසද කටයුතු කරන ෂර්මිලා වර්ධරාජා කවුදැයි ලන්ඩන් නුවර සිටින කොටි විරෝධීහු මෑතකදී හදුනාගෙන තිබුණි.

ශවේන්ද්‍ර සිල්වාට චෝදනා එල්ල කරන බි‍්‍රතාන්‍ය මන්ත‍්‍රීවරු රගු හෙවත් කන්නන්ගේ දියණිය වූ ෂර්මිලාගේ පසුබිම හඳුනා නොගැනීම විමතියකි. ප‍්‍රභාකරන්ගේ සමීපතම සගයකුවූ කන්නන් අපරාධ රැසකට සම්බන්ධ වූවෙකි. මේ අතර ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණ ලබා සිටින 1971 කැරැල්ල හිටපු කැරලිකරුවකුවූ රංජි මල්ලි හෙවත් සුනන්ද දේශපි‍්‍රය නැමැත්තා ශ‍්‍රී ලංකාව දිගින් දිගටම මානව හිමිකම් උල්ලංඝනය කරන බවට වාර්තාවක් ප‍්‍රකාශයට පත්කර ඇත. එහෙත් කැරැල්ල යටතේ මොහු සහ කැරලිකරුවන් මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ සිදුවීම් ස්විස් ජනතාවගෙන් වසන් කර ඇත.

කොටි මිනීමරුවන්ව සැමරීමේ හිමිකම ද්‍රවිඩ ජනතාවට ඇති බවත් හමුදාව ඊට බාධා පමුණුවන බවත් රංජි මල්ලි තම වාර්තාවෙන් ජාත්‍යන්තර ප‍්‍රජාවට කියා සිටී. නොවැම්බර් 23 දා ද්‍රවිඩයන් සහ කාන්තාවන් 10 ක් ද්‍රවිඩ සමූල ඝාතන දිනය සැමරීමට කටයුතු කරන අවස්ථාවේ ත‍්‍රස්ත මර්දන පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබුවා. නොවැම්බර් 27 දා නැගෙනහිර කොටි සුසානභූමියකට ද්‍රවිඩයන් ඇතුළුවීම වැළැක්වීමටද හමුදාව කි‍්‍රයාකළ යයි මේ හිටපු කැරලිකරුවා තවදුරටත් තම වාර්තාවේ දක්වා තිබුණි.

එහෙත් ඉන්දියාව කාලිස්තාන් ත‍්‍රස්තවාදීන් හෝ ඇසෑම් ත‍්‍රස්තයන් සහ නැක්සලයිට් ත‍්‍රස්තයන් සැමරීමට ඉඩදෙන්නේද?

මෙවන් පසුබිමක් මැද ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව හමුවට ඉදිරිපත්වූ තවත් වාර්තාවක දක්වා ඇත්තේ රාජ්‍ය බුද්ධි ප‍්‍රධානි සුරේෂ් සැලේ විසින් සිරිල් ගාමිණි පියනම ගැන පරීක්‍ෂණ පවත්වන ලෙස රහස් පොලිසියට නියෝග කළ බවයි. මේ අතර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ‍්‍රී ලංකාව මානව හිමිකම් උල්ලංඝනය කළ බවට දක්වන මෙහෙයුම් දිගටම කි‍්‍රයාත්මක කරයි.

ඩෙන්මාර්කයේ කොටි නායකයාට වැඩ වරදියි

මෙලෙස ශ‍්‍රී ලංකාවට මානව හිමිකම් ගැන චෝදනා කරන ටොම් ලැන්ටොස් මානව හිමිකම් කොමිසමේ ප‍්‍රධානියා මාක්ගවර්න් සහ කොන්ග‍්‍රස්් සභික ඩයනා රොස් එම කොමිසමේ කි‍්‍රයාකාරිනියකි. මෙම ටොම් ලැන්ටොස් කොමිසම ශ‍්‍රී ලංකාවට එරෙහි චෝදනා විභාග කිරීම ආරම්භ කර ඇත. එහෙත් ශ‍්‍රී ලංකාවේ විදේශ කටයුතු බලධාරීන් ඇමරිකානු කොංග‍්‍රස් සභාවෙන් ශ‍්‍රී ලංකාවට එරෙහි චෝදනා විභාග කිරීමට ඇති අයිතිය කුමක්දැයි ප‍්‍රශ්න කරන්නේ නැත. මෙකී ටොම් ලැන්ටොස් කොමිසම දැන් කි‍්‍රයාකරන්නේ පැමිණිලිකරු සාක්‍ෂිකරු ලෙසිනි. එම කොමිසම වෙත ඉදිරිපත් කෙරෙන වාර්තා කොටි ඩයස්පෝරාව වෙත ලැබෙන බවද අනාවරණය වී ඇත.

මෙවන් පසුබිමක් මැද සමාජ කි‍්‍රයාකාරීන් සහ මානව හිමිකම් කි‍්‍රයාකාරීන් යයි හ`දුන්වා ගන්නා පාර්ශ්ව විශාල ලෙස බිහිවී ඇත.

මෙය ඉතා ලාභදායී රැකියාවකි. මෑතකදී 50 කට අධික එවන් පිරිසක් ත‍්‍රස්ත මර්දන පනතට එරෙහිව නිවේදනයක් නිකුත් කරනු ලැබීය. මොවුන්ගෙන් 44ක් ද්‍රවිඩ සහ මුස්ලිම් ජාතිකයන් වේ. එහෙත් මොවුන් මෙයට පෙර ශ‍්‍රී ලංකාවට එරෙහිව ප‍්‍රකාශ ඉදිරිපත් කිරීමට දායකවූවන් නොවේ. මේ තත්ත්වය මත රජය මේ හිටිහැටියේ මතුවූ හොර සමාජ කි‍්‍රයාකාරින් කෙරේ විමර්ශනයක් කළ යුතුව ඇත. මේ අතර බි‍්‍රතාන්‍යයේ යුද අපරාධ චෝදනා එල්ල වූ සෙබළුන්ට බි‍්‍රතාන්‍ය පනතක් මගින් මුක්තිය හිමිවී ඇත. එහෙත් මෙරට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු එම මුක්තිය අපේ සෙබළුන්ට ලබාදී නැත. එසේම ස්විට්සර්ලන්තය සම්මත කළ ත‍්‍රස්තමර්දන පනතින් එරට පොලිසියට වඩා පුළුල් බලතල ලබාදී ඇත. ස්විස් පොලිසියට ලබාදී ඇති මෙම බලතල අහෝසි කරන ලෙස ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ අද වනතුරු ඉල්ලා නැත. එසේ වුවත් ස්විස් රජය මෙරට ත‍්‍රස්ත මර්දන පනතට එරෙහිවී තිබේ. ස්විස් එෆ් අයි එස් බුද්ධි සේවාව පැවසුවේ එරටට එල්ලවී ඇති ත‍්‍රස්ත තර්ජනය ඉතා වැඩි බවයි.

මේ අතර ශ‍්‍රී ලංකාවට එරෙහි කොටි ඩයස්පෝරාව නෙදර්ලන්තයේ හේග් නුවර ජාත්‍යන්තර අධිකරණය හමුවේ නඩු දෙකක් පවරා ඇති අතර ඊට එරෙහිව රජය මේ දක්වාම පනතක් සම්මත කර නැත. එහෙත් අමෙරිකානු කොංග‍්‍රස් පක්‍ෂය ජාත්‍යන්තර අධිකරණ විරෝධි පනතක් සම්මත කරමින් ඇමරිකානු භටයන්ට ආරක්‍ෂාව ලබාදී ඇත. මෙහිදී නැගෙන බරපතළ ප‍්‍රශ්නය දේශපේ‍්‍රමී යයි හදුන්වාගත් රජය ඇමරිකන් කොංග‍්‍රසයේ පනතට සමාන පනතක් මෙරට පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර සම්මත කර නොගන්නේ මන්ද යන්නයි.

මෙරට රාජ්‍ය නොවන සංවිධාන ජාලය හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩටද සම්බාධක පැනවීම සඳහා ඇමරිකානු බලධාරීන් වෙත යොමුවී තිබූ බව වාර්තා විය. ඉරාකයේ යුද අපරාධ සිදුකළ බ්ලැක්වෝටර් ආරක්‍ෂක ඒකකයේ හයදෙනෙකුට ජනපති සමාව දුන් අතර ඔවුන්ට සම්බාධක පැනවූයේ නැත. මෙම හිටපු යුද හමුදා නිලධාරියාට සහ නාවික හමුදා බුද්ධි නිලධාරියාට ඇමරිකානු රජය තහනම් පනවා ඇත්තේ එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනි යස්මින් සුකාගේ නිර්දේශ මතය.

මේ පසුබිම මැද යුරෝපා අධිකරණය සෙල්වරත්නම් තවරාජ් නැමැති යුරෝපා කොටි දේශපාලන නායකයා යයි හඳුන්වා ගනිමින් කොටි සංවිධානයට පනවා තිබූ තහනම අහෝසි කරන්නැයි ගොනු කර තිබූ නඩුවට අදාළ තවත් රහසක් හෙළවිය. ඒ මෙම නඩුව කලින් ගොනුකර තිබුණේ නීතිවේදියකු විසිනි. ඔහු මින්පසු තමන් කොටි නඩුවට සම්බන්ධ නොවන බව කියාසිටියේය. ඉන්පසු නඩුව ගොනු කළේ තවරාජ්ය. මේ අතර ඇමරිකාවේ පැවැති ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමුළුව නිමාවීමෙන් පසු ඇමරිකානු රජය නාවික හමුදා බුද්ධි සේවයේ සිටි ලූතිනන් කමාන්ඩර් චන්දන ප‍්‍රසාද් හෙට්ටිආරච්චි සහ මිරුසවිල් ඝාතනවලට වරදකරුවී ජනපති සමාව ලත් හමුදා නිලධාරි සුනිල් රත්නායකට යුද අපරාධ චෝදනා එල්ල කර ඔවුන්ට සම්බාධක පනවන ලැබීය.

ඩෙන්මාර්කයේ කොටි නායකයාට වැඩ වරදියි

ලූතිනන් කමාන්ඩර් හෙට්ටිආරච්චිට එල්ලවී ඇති චෝදනාව වූයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවිරාජ් ඝාතනයට සම්බන්ධ වීමයි. මේ ගැන පරීක්‍ෂණ පැවැත්වූයේ ශ‍්‍රී ලංකාවේ සිට ස්විට්සර්ලන්තයට පැනගිය රහස් පොලිසියේ පරීක්‍ෂක නිශාන්ත සිල්වායි. ඔහු ස්විට්සර්ලන්තයට පැනගියේ එම අතුරුදන්වීමට සම්බන්ධ පරීක්‍ෂණ වාර්තාද රැගෙනය. මේ පරීක්‍ෂණ වාර්තා ඇමරිකානු තානාපති කාර්යාලයටද ලැබී තිබුණි.

මෙම හිටපු නිලධාරීන් සම්බන්ධව සුකා ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලේ වෙතද වාර්තාවක් ඉදිරිපත් කර තිබුණි. එසේම මෙරටින් පැනගොස් ජර්මනියේ සිටින රෝහිත භාෂණ අබේවර්ධන නැමැති කොටි හිතවාදියාද එම වාර්තාවට සාවද්‍ය අමුද්‍රව්‍ය සපයා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment