උ/පෙළ කල් යනවාද නැද්ද අද කියන්නම් – ඇමැති කියයි

51

අපොස උසස් පෙළ විභාගය කල් දමනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අද (21) දින තමන් විශේෂ ධනාත්මක ප්‍රකාශයක් කරන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20දා) පැවසීය.

තමාගේ ප්‍රකාශයෙන් පසු විභාග කොමසාරිස්වරයා විභාගයට දින නියම කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.

ඇමැතිවරයා මෙසේ පැවසුවේ රත්නපුර දිස්ත්‍රික් විපක්ෂ මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි. මෙහිදී මැති ඇමැතිවරුන් රැසක් ද අදහස් දක්වමින් කියා සිටියේ පාසල් දරුවන් ලක්ෂයකට පමණ බලපාන ප්‍රශ්නයක් බැවින් උසස් පෙළ විභාගය කල් දැමීමට පියවර ගන්නා ලෙසය.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment