ඉන්දියානු යූරියා මෙට්‍රික් ටොන් 50,000ක් යල කන්නයට –

167

සහල් අර්බුදයක් ලොකුවට එන්නේ නෑ

ඉන්දීය රජය විසින් ලබාදෙන යුරිය පොහොර මෙට්‍රික්‌ ටොන් හැටපන්දහසක ප්‍රමාණයෙන් මෙට්‍රික්‌ ටොන් පනස්දහසක් මෙවර යල කන්නයේ වී ගොවිතැන සඳහා ලබාදීමට රජය තීරණය කර ඇත. ඉතිරි ප්‍රමාණයෙන් මෙටි්‍රක් ටොන් දසදහක් තේ වගාවටත් මෙට්‍රික්‌ ටොන් පන්දහසක් බඩ ඉඟුරු වගාවට ලබාදීමටත් සැලසුම් කර තිබේ.මෙවර යල කන්නය සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් වගා කිරීමට සැලසුම් කර ඇති කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් හයලක්‍ෂ එක්දහස් දෙසිය හැට එකයි දශම හතයි තුනක් වන අතර ඉන් සියයට අනුවක (90%) භූමි ප්‍රමාණයක් මේ වනවිට ගොවි ජනතාව විසින් වගා කිරීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.මැයි මස වනවිට රසායනික පොහොර සහ කෘමි නාශක නොමැතිව ගොවීන් කුඹුරු හෙක්ටයාර් දෙලක්‍ෂ හැට හය දහස් පන්සියයක ප්‍රමාණයක වගා කටයුතු ආරම්භ කර ඇති බවද ඇමැතිවරයා සඳහන් කළේය.ඒ අනුව මේ මස අවසන් වනවිට අවශ්‍ය කරන රසායනික පොහොර ලැබීමත් රජය අපේක්‍ෂිත බිම් ප්‍රමාණයෙන් සියයට අනූවක ප්‍රමාණයක් කුඹුරු වගා කිරීම හේතුවෙන් විශාල සහල් අර්බුදයකට මුහුණ පෑමට සිදු නොවනු ඇති බව ද කෘෂිකර්ම ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment