සා/පෙළ ලියමින් සිටි තවලම දැරිය සිහිසුන් වෙයි – නිලධාරීහු වතුරේ කරවටක් බැස සිසුවිය රෝහලට ගෙන යති

954

විද්‍යාරාජ ජාතික පාසලේ විභාග ලියන සිසුන්ට විදුහල්පති සහ පොලිසිය කෑම දෙති

තවලම විද්‍යාරාජ ජාතික පාසලේ විභාග මධ්‍යස්ථානයේ අ’පො’ස සා/පෙළ විභාගයට පෙනී සිටි සිසුවියක පෙරේදා (31 දා) පස්වරුවේ හදිසියේ සිහිසුන්ව ඇත’ පසුව ඇය හිනිදුම රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළ බැව් හිනිදුම පොලිසිය පවසයි’

මෙම සිසුවිය පිළිතුරු ලියමින් සිටියදී හදිසියේ සිහිසුන්ව ඇත’ ඒ වන විට ධරාණිපාත වර්ෂාවත් සමග තවලම හිනිදුම ප්‍රධාන මාර්ගයේ තවලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල අඩි හතරක් පහක් පමණ ජලයෙන් යටවී තිබුණි‘ විභාග මධ්‍යස්ථානයේ රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු හා විභාග මධ්‍යස්ථානයේ නිලධාරිනිය විසින් ගංවතුරේ කර වටක් බැස මෙම දැරිය ඔසවා ගෙන ගොස් පසුව ත්‍රිරෝද රථයකින් හිනිදුම රෝහලට ඇතුළත් කර ඇත’

විභාගයට පෙනී සිටිමින් සිටියදී හදිසියේ සිහිසුන්ව ඇත්තේ නෙළුව මණ්ඩලපුර ප්‍රදේශයේ සිසුවියකි’ දැරිය මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි’ මේ අතර පෙරේදා (31දා) පැවැති අයහපත් කාලගුණික තත්ත්වය නිසා පස්වරුවේ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් කල්වේලා ඇතිව තවලම විද්‍යාරාජ ජාතික පසලේ විභාග මධ්‍යස්ථානයට පැමිණ ඇත’ එම සිසු දරු දැරියන්ට දහවල් ආහාරය සපයාදීමට තවලම විද්‍යාරාජ ජාතික පාසලේ විදුහල්පතිවරයා හා හිනිදුම පොලිසිය කටයුතු කර ඇත’ විභාගය අවසන් වීමෙන් පසු මාර්ග ජලයෙන් යටවීම නිසා නිවෙස්වලට යෑමට නොහැකිව සිටි සිසු දරු දැරියන් නිවෙස්වලට රැගෙන යෑමට ද පොලිසිය කටයුතු කළහ’

ලලිත් චාමින්ද සහ එස්’ කේ’ කළුආරච්චි -ගාල්ල” හිනිදුම රවින්ද්‍ර චන්ද්‍රලාල්
 

advertistmentadvertistment
advertistmentadvertistment