ශ්‍රී ලංකාවට අසීරු ඉලක්කයක්

298

ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර කොළඹ එස්එස්සී ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී පාකිස්ථාන කණ්ඩායම සිය පළමු ඉනිම කඩුළු 05කට ලකුණු 576ක් ලබා තිබියදී අත්හිටුවා දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.ඒ අනුව පකිස්ථාන කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා පළමු ඉනිමට ලකුණු 410ක් ඉදිරියෙන් සිටී.මේ වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවකුත් නොදැවී ලකුණු 34ක් ලබා සිටී. දිමුත් කරුණාරත්න නොදැවී 20ක් සහ නිෂාන් මධුසංක නොදැවී 14 ලබා ක්‍රීඩා කරති.අද තරගයේ සිවුවැනි දිනයයි.

advertistmentadvertistment
advertistmentadvertistment