මයික්‍රෝටොක්සින් ආහාරවලට ඇතුළුවීම වළක්වන්න නීති

132

නීතිපති අධිකරණයේදී එකඟ වෙයි

මිනිස් සිරුරට අහිතකර මයික්‍රෝටොක්සින් සංඝටකය පොල් තෙල් ඇතුළු සියලු ආහාර ද්‍රව්‍යවලට ඇතුළත් කිරීම වැළැක්වීමට අවශ්‍ය නීති අණපනත් කඩිනමින් සකස්කර ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවට නීතිපතිවරයා ඊයේ (27 වැනිදා) අභියාචනාධිකරණයට එකඟතාවයක් පළ කළේය. මිනිස් සිරුරට අහිතකර විෂ සංඝටක අඩංගු පොල්තෙල් වර්ග ආනයනය කිරීම මැඬපැවත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ඉල්ලා මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් ගොනුකර තිබූ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා රජය වෙනුවෙන් එම එකඟතාවය පළ කළේය. පෙත්සම්කරු ඉල්ලා ඇති සහනය එම එකඟතාවය අනුව ලැබී ඇති බැවින් එම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යෑමේ ඇවශ්‍යතාවක් නොමැති බව ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට පැවසීය. ඒ අනුව එම පෙත්සම ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් පැමිණිල්ලේ තීරණය ලබන නොවැම්බර් 15 වැනිදා අධිකරණයට දැනුම් දෙන බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණයට දැනුම් දුන්නේය.

ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලය, පොල් සංවර්ධන මණ්ඩලයේ හා පොල් පර්යේෂණ ආයතනයේ සභාපතිවරුන් සහ අධ්‍යක්‍ෂ මණ්ඩල එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment