අද රෑ සිට බස් ගාස්තු 4.01% කින් නගී

187

අවම ගාස්තුවේ වෙනසක් නෑ

ඉන්ධන මිල (ඩීසල්) ඉහළයෑමත් සමග අද (2 දා) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සියයට 4.01න් වැඩිකර තිබේ. මගී බස් රථ සංගම් කළ ඉල්ලීමට ගමනාගමන කොමිසම අවසරදී ඇත.

දැනට රුපියල් තිහක් වන අවම බස් ගාස්තුව වෙනස් නොවන අතර බහාලුම් ප්‍රවාහන ගාස්තු ද ඊයේ (01 දා) මධ්‍යම රාත්‍රියේ සිට සියයට පහකින් වැඩිකරන බව බහාලුම් ප්‍රවාහනය කරන්නන්ගේ සංගමය කියා සිටී.

මේ අනුව ආනයනය කරන ආහාර ද්‍රව්‍ය ඇතුළු සියලු දේවල මිල ගණන් ඊට සාපේක්‍ෂව ඉහළ යන බව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයන කරුවන්ගේ සංගමය ද කියා සිටී.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment