වසර 20කට පසු කළකම් පළදෙයි – කැටැන්වැව ඝාතනයට හයක් එල්ලුම් ගහට

1428

වසර 20කට පෙර සිංහල අවුරුදු දිනක හම්බන්තොට කැටැන්වැවදී පුද්ගලයෙකු කපා කොටා පහරදී ඝාතනය කිරීමේ චෝදනාවකට වැරදිකරු වූ චූදිතයින් හය දෙනෙකුට හම්බන්තොට මහාධිකරණය මරණීය දණ්ඩණය නියම කෙරුණි.

මෙලෙස මරණීය දණ්ඩණය නියම වූයේ හම්බන්තොට ගොන්නොරුව හා කැටැන්වැව පදිංචිකරුවන් වන 81 හැවිරිදි තිදරු පියෙකු වන සමන් බුලත්ගම, 43 හැවිරිදි දෙදෙරු පියෙකු වන සිනිපැල්ලගේ ලලිත් ප්‍රසන්න, 80 හැවිරිදි රණසිංහ ආරච්චිගේ ජිනදාස, 46 හැවිරිදි හේවා හල්පගේ වසන්ත, 39 හැවිරිදි දිලාන් මංජුල හා 38 හැවිරිදි එච්.එම්.නවරත්න නමැති චූදිතයන් හය දෙනෙකුටය.

අධිකරණය හමුවේ ඉදිරිපත් වූ සියලු සාක්ෂි සලකා බැලූ හම්බන්තොට මහාධිකරණ විනිසුරුවරයා චූදිතයින් 21 දෙනාගෙන් 15 දෙනෙකු නිදොස්කොට නිදහස් කෙරුණු අතර අදාළ චෝදනා සඳහා චූදිතයින් 06 දෙනෙකු වැරදිකරුවන් බවට තීන්දු කෙරුණි. ඒ අනුව අදාළ චෝදනා සඳහා වැරදිකරු වූ චූදිතයින් හය දෙනා සඳහා මරණීය දණ්ඩනය නියම කෙරුණු අතර චූදිතයින්ට මරණීය දණ්ඩනය පමුණුවන තෙක් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තබන ලෙසටද මහාධිකරණ විනිසුරුවරයා අගුණුකොළපැලැස්ස බන්ධනාගාර අධිකාරීවරයාට නියම කෙරුණි.

මත්තල දිලීප් එන් ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment