ෆොන්ටෙරා මෙරට කිරි ව්‍යවසායකයින් බල ගැන්වීමට කැප වෙයි

144

ශ්‍රී ලංකාවේ කිරි ගොවි ප්‍රජාව බල ගැන්වීම වෙනුවෙන් කැප වන ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා ආයතනය කිරි ව්‍යවසායකයින් බලගැන්වීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරයි. වර්තමානයේ ෆොන්ටෙරා සමාගම ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන කලාප කේන්ද්‍ර කර ගනිමින්, මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

සත්තව සුබසාධනය, කිරි නිෂ්පාදනය සහ ගොවිපළ ඵලදායිතාව ප්‍රවර්ධනය කිරීම ඇතුළුව ප්‍රධාන අරමුණු කිහිපයක් මුල් කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර, පශු වෛද්‍ය සේවාවන් වැඩි දියුණු කිරීමේ සහ ව්‍යවසායකයින් දැනුවත් කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනිමින්, ඒ සඳහා විසඳුම් ලබා දීම ඊට එක් උදාහරණයකි.

තවද, ව්‍යවසායකයින් දිරිගැන්වීම මෙන් ම ව්‍යවසායකයින් මුහුණ දෙන දෛනික අභියෝග හඳුනා ගනිමින්, ඒවාට විසඳුම් ලබාදීම සඳහා මෙම වැඩසටහන හරහා ෆොන්ටෙරා සමාගම සහයෝගය ලබා දෙන අතර, මේ සඳහා ප්‍රජා දායකත්වය හා සහයෝගය ඇගයීම වෙනුවෙන් වාර්ෂික ඇගයීම් උත්සවයක් සංවිධානය කිරීමට ද ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගම කටයුතු කරයි.

එමෙන් ම ගොවිපළවල සතුන්ගේ ජල අවශ්‍යතාව පිළිබඳ අවබෝධ කරගත් ෆොන්ටෙරා සමාගම ජලය ආශ්‍රිත යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් ද ආරම්භ කර ඇති අතර, එමගින් ගොවිපළ 178ක් සඳහා පැය 24 පුරා ජලය සැපයීමට බඳුන් බෙදා හැරීම විශේෂිතය. ෆොන්ටෙරා සමාගම ඉදිරියේ දී ද මෙම ජල සැපයුම් පහසුකම් පුළුල් කිරීමට ද අරමුණු කරයි.

ෆොන්ටෙරා දියත් කළ මෑතකාලීන වැඩසටහනක් ලෙස ඵලදායී ලෙස කිරි නිෂ්පාදනය සහ කළමනාකරණය පිළිබඳව ව්‍යවසායකයින් දැනුවත් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක් කළ වැඩසටහන් දැක්විය හැකිය. මෙම ව්‍යාපෘතිය සඳහා සහභාගි වූ ගොවිපළ 38ක් වර්තමානය වන විට එහි උපරිම ප්‍රතිලාභ අත් විඳින බව පැවසිය යුතු ම කරුණකි.

මෙරට කිරි ව්‍යවසායකයින් දැනුවත් කරමින් මෙන් ම ඔවුන්ට අත්‍යවශ්‍ය සම්පත් සපයා දෙමින් මෙරට පශු සම්පත් ක්ෂේත්‍රය වර්ධනය කිරීම වෙනුවෙන් ෆොන්ටෙරා සමාගම ධනාත්මක දායකත්වයක් ලබා දෙන අතර, අඛණ්ඩව ක්‍රියාත්මක වන මෙම වැඩසටහන්වලට සමගාමීව, නවීනතම පුහුණු හා සංවර්ධන කේන්ද්‍රස්ථානයක් වන පන්නල ආදර්ශ ගොවිපළේ කිරි නිෂ්පාදන සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමට නියමිත ය. එමෙන් ම ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා ආයතනය තාක්ෂණික ක්‍රමවේද සහ ඔවුන්ගේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානවල නව යටිතල පහසුකම් වැඩි දියුණු කෙරුණු බවත් පැවසිය යුතුමය.

advertistmentadvertistment
advertistmentadvertistment