චාමරව ලේවලින් සිතුවම් කළ ශාක්‍ය

89

රෝහල්ගතව සිටි චාමර වීරසිංහ, හදවතේ ගායකයා සුවය ලබා පිටවූ බව ඇසූ දහස් සංඛ්‍යාත වූ රසික රසිකාවියෝ සැනසුම් සුසුම් හෙළූහ.

ඒ අය අතරින් චාමරට තිබෙන ආදරය කොතරම්ද කියා තම ලේ වලින්ම ඔප්පු කර පෙන්වූ තරුණයෙකි සමීර ශාක්‍ය රත්නායක. ඔහු චාමරගේ රුව තම රුධිරයෙන් සිතුවම් කළේය.

අවුරුදු ගාණක දීර්ඝ නිහැඬියාවෙන් පස්සේ මං ලේ වලින් අලුතින්ම සිතුවම් කළේ චාමරව.

චාමරව ලේවලින් සිතුවම් කළ ශාක්‍ය

අමරදේව මාස්ටර්ගෙන්, ජෝතිපාල මහත්තයගෙන් පස්සේ ලංකාවේ මිනිස්සු දේවත්වයෙන් අදහන කලාකරුවා චාමර වීරසිංහ කියන එකයි මගේ මතය. මිනිස්සු ඔහුගේ රුව තමන්ගේ සිරුරේම ටැටූ කරගෙන, තමන්ගේ වාහන වල ස්ටිකර් කරගෙන ඔහුව අදහනවා යැයි සමීර පවසයි.

චාමර යන ෂෝ වල සෙනඟ ටික පැක්වෙන එකත් අහන්න දෙයක් නෙවේ. මුළු ග්‍රවුන්ඩ් එකෙන්ම එන චියර් එක අත්පුඩිය විසිල් එකට අපේ හිරිගඩු පිපෙනවා. අන්න ඒ නිසයි ෆේස්බුක් කැම්පේන් මුකුත් නැතුව චාමර වීරසිංහ වසර ගණනාවක් පිට පිට ජනප්‍රිය ගායකයා වුණේ.

හැබැයි අවුරුදු 21 ක් චාමර වීරසිංහ මේ දූපතේ සුපර් හිට් එක.

ඉතිං.., හැමදාම වගේ මගේ මේ ලේ වලින් අඳින චිත්‍රවල “චරිතය” ගැන ගොඩක්ම මං සැලකිලිමත් වෙනවා…

පළවෙනි එක ඒ අඳින කෙනා පෞද්ගලිකව මගේ හදවතට දැනෙන චරිතයක් වෙන්න ඕනෑ. ඒ වගේම බහුතරයකගේ ආදරේ දිනාගත්තු මේ මහපොළොවේ පැළවෙච්චි, සරල සාමාන්‍ය ආදරණීය මිනිහෙක් තමයි මම මගේ ලේ වලින් සිතුවම් කරන්න ආස. ඒ නිසයි මෙවර චාමර වීරසිංහගේ රුව සිතුවම් කළේ.

සමීර විසින් මින් පෙර විජය කුමාරතුංග, එච්.ආර්. ජෝතිපාල, ලසිත් මාලිංග, මිෂෙල් දිල්හාරා ආදීන් ගේ රූ තම ලේ වලින් සිතුවම් කර ඇත.

අලහකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment