නාවින්න අතරමැද කොරෝනා මධ්‍යස්ථානයේ අඩුපාඩු ගොඩයි

140

කොරෝනා ආසාදිතයන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා අතරමැදි ප‍්‍රතිකාර ඒකකයක් ලෙස යොදා ගැනීමට තීරණය වී ඇති නාවින්න ආයුර්වේද රෝහලේ පවතින අඩුපාඩු කිහිපයක් හේතුවෙන් ආසාදිතයන්ට අපේක්ෂා කරන ආකාරයේ සේවාවක් ලබා දීම අසීරු වී ඇති බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
 
 විශේෂයෙන්ම මෙම ආයුර්වේද රෝහලේ සේවයට පැමිණෙන මහරගම අපේක්ෂා රෝහලේ නේවාසික වෛද්‍යවරුන්ට නැවතීමට ප‍්‍රමාණවත් පහසුකම් නොමැති වීම, එම වෛද්‍යවරුන්ගේ සහයට සිටින ආයුර්වේද රෝහලේ දැනට සේවය කරන හෙද කාර්ය මණ්ඩලයට වෛද්‍යවරුන් නිර්දේශ කරන සාමාන්‍ය කටයුතු ඉටු කිරීමට හෝ හදිසි අවස්ථාවලදී ක‍්‍රියා කිරීම සඳහා පුහුණුවක් නොතිබීම, හදිසි අවස්ථාවලදී භාවිතා කිරීම සඳහා අත්‍යවශ්‍ය බෙහෙත් රෝහල වෙත ලබා දී නොතිබීම, හදිසි අවස්ථාවකදී අසාධ්‍ය තත්ත්වයට පත් වන රෝගීන් වෙනත් රෝහල් කරා ප‍්‍රවාහනය කිරීමට අවශ්‍ය ගිලන්රථ පහසුකම් නොතිබීම, රෝගී සත්කාරක සේවා බටහිර වෛද්‍ය ක‍්‍රමයට මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයට ද සිදු කිරීමට නියමිත බැවින් එසේ සිදු කිරීමෙන් ප‍්‍රතිකාර ලබන රෝගීන්ට සංකූලතා ඇතිවීමේ අවදානමක් තිබීම, වසංගත තත්ත්වය අවසන් වන තෙක් එම රෝහලේ සිටින රෝගීන්ගේ ප‍්‍රතිකාර සඳහා ස්ථීර වෛද්‍ය කාර්ය මණ්ඩලයක් ආයුර්වේද රෝහලට පත් නොකිරීම යන ගැටලූ හේතුවෙන් එම රෝහලට කොරෝනා ආසාදිතයන් සඳහා ප‍්‍රතිකාර ලබා දීම අසීරු වී ඇති බව සංගමයේ ප‍්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පවසයි.
 
 ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment